Home අද බොරතෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවයි?

බොරතෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවයි?

2894
0

මැදපෙරදිග ගාසා තීරයේ ඇතිව තිබෙන යුද තත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැලරයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවායාමේ අවධානමක් මතුව තිබේ.

ඊයේ(19දා) දිනය වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එකවරම 13% න් වැඩිවී තිබේ. ඒවන විට ඩොලර් 87 සීමාවේ තිබු බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ සති අන්තයේදී ඩොලර් 100 සීමාව පසුකරනු ඇති බව විශ්ලේෂකයින් අදහස් දක්වා තිබේ.

ලෝකයේ යුක්ක්‍රේන – රුසියා ගැටුම සහ මැදපෙරදිග යුදගැටුම පාලනය නොවන තත්වයකට පැමිණයහොත් ලෝක තෙල් මිල පාලන කළ නොහැකි ලෙස ඉහළ යනු ඇති බවටද ඔවුන් අවධාරණය කර තිබේ.

මෙහි බලපෑම ශ්‍රීලංකාවට ද ඇතිවිය හැකි අතර හැකිපමණ තෙල් තොග රැස්කර තබාගන්නා ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවද වාර්තාවේ.

එමෙන්ම ලබන වසරේ ජූනි මාසය වන තුරු රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක් නොමැති බව  විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා ඊයේ(19දා) පැවසීය.

ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

2022 ජනවාරි මාසය සැළකීමේ දී එය ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සාපේක්ෂව අඩු වූ මාසයක් ලෙස දැක්විය හැකියි. එහිදී බොර තෙල් බැරලයක මිල සදහන් වුණේ ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙසයි. නමුත් ඊළග මාස කිහිපයක් තුළ එය ඇමෙරිකානු ඩොලර් 65ක් දක්වා වැඩි වුණා. ඒ වගේම රුසියානු – යුක්‍රේන යුද්ධය ඇතුළු විවිධ හේතු මත තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගියා. නමුත් පසුව එය ඩොලර් 80ක් දක්වා අඩු වුණා.

2022 ජනවාරි මාසයේ සිට මේ ආකාරයට ක්‍රමයෙන් ඉහළ ගිය බොර තෙල් මිල වසර එකහමාරකට පසු මේ වසරේදී තරමක් පහළ ගියා. විශේෂයෙන්ම මේ මස පළමුවැනිදා සිට හයවැනිදා දක්වා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 4%කින් පමණ අඩුවී තිබෙනවා.

නමුත් පසුගිය කාලයේ ගසා තීරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යළිත් 4%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව  ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් මිළ පහළ යමින් යම් සහනයක් ලැබීමට අපට ලැබුණු දුර්ලභ අවස්ථාව පසුගිය දින කිහිපයක සිට ගිලිහී යන බවක් පෙනෙන්නට තිබෙනවා.

ඊශ්‍රායලය සහ පලස්තීනය ඉන්ධන නිෂ්පාදනය කරන හෝ ලෝක වෙළෙඳපොළට ඉන්ධන බෙදාහරින රටවල් නොවූවත් මතුව ඇති තත්ත්වය හමුවේ ඉරානය ද මැදිහත්වීමක් සිදු කිරීමට යන බවක් පෙන්නුම් කරනවා.  පවතින මෙම ආතතිමය තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධ විශ්ලේෂණයක් සිදු කිරීම ඉතා අපහසුයි.

ගාසා තීරයේ ගැටුම් ආරම්භ වීමෙන් පසුවත්  ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනයට බාධාවක් වුණේ නැහැ. අප දැනටමත් ලබන වසරේ ජුනි මාසය දක්වා ඉන්ධන සැපයුම සඳහා ටෙන්ඩර් ලබාදී අවසන්. එම නිසා ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවීමේ අවධානමක් නැහැ. නමුත් අවිනිශ්චිතතා ඇති විය හැකියි.ඒ වගේම පළමු වතාවට අපි තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 200 ක සංචිතයක් පවත්වාගෙන යන බවත් සඳහන් කළ යුතුයි. යැයි පැවසීය

Previous articleඅනුර හදිසියේම ජූලි චන්ග් හමුවෙයි
Next articleඩයනාට පහරදීමේ සිදුවීම නිසා පාර්ලිමේන්තුවේ වැඩ නවතී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here