Home අද පුංචි ඡන්දයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් යළිත් සේවයට

පුංචි ඡන්දයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් යළිත් සේවයට

1312
0

මෙවර පළාත් පාලන මැතිවරණය කල්යෑම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා ලබාදුන් සියලුම රාජ්‍ය සේවකයින්ට යළිත් ඔවුන් සේවය කළ ස්ථානයේම සේවය කිරිමට අවස්ථාව ලබාදීමට එකඟවු බව අග්‍රාමත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අද(19දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සමඟ අග්‍රාමාත්‍යවරයා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසුව මේ තීරණයට එකඟවු බවද ගුණවර්ධන මහතා කීවේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වන උපදේශක කාරක සභාවේදී සිදුකළ සාකච්ඡා අනුව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වී ඇති නාමයෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ සියලුදෙනා එකඟවු බව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

Previous articleපලස්තීනයට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතුයි – අනුර
Next articleඅජිත් මාන්නප්පෙරුමට සති 04 ක් පාර්ලිමේන්තුව තහනම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here