Home අද තාඹුගලගේ පිටිපස සිටින්නේ කවුද? – විශේෂ හෙළිදරව්ව

තාඹුගලගේ පිටිපස සිටින්නේ කවුද? – විශේෂ හෙළිදරව්ව

2362
0

දේශීය වී වගාකරන බවට අසත්‍ය පවසමින් අවුරා ලංකා විරංජිත් තාඹුගලගේ යළිත් අනුරාධපුරයේ ඉඩම් මංකොල්ලයකට සැරසෙන බව සමාජ ක්‍රියාකාරී දුලාන් සේනාධීර ප්‍රකාශ කරනවා.

මීට පෙර කොමාරිකා වගාවක් සඳහා බව පවසමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් විශාල ප්‍රමාණයක් ලබාගත් තාඹුගල එකදු කෝමාරිකා පැළයක් හෝ වගාකර නොමැති බවත් ඔවුන් චෝදනා කරන අතර තාඹුගලගේ මෙම වංචාකාර සිදුවීම් පසුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බවටද චෝදනා කර තිබේ.

එමෙන්ම තාඹුගලගේ මෙම ක්‍රියා සඳහා ඩුබායිවල සිට කලු සල්ලි ලැබන බවත් මේ සම්බන්ධයෙන් කිසිවෙකු සොයා නොබලන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.

වී වගා කිරීමට බව පවසමින් යළිත් අනුරාධපුරයේ ඉඩම් ගැනීමට සුදානම් වන්නේ මැණික් ලබාගැනීමට බවත් ඔහුගේ වංචා ක්‍රියා වෙනුවෙන් ඉක්මණින්ම නිතිය ක්‍රියාත්මක විය යුතු බවද හෙතම වැඩිදුරටත් පැවසීය.

Previous articleඑක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව මූලික ණය ගනුදෙනුවකට එකඟවු බව චීනය පවසයි
Next articleඉන්දීයාව සමඟ  නව ගිවිසුම් 03ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here