Home අද එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව මූලික ණය ගනුදෙනුවකට එකඟවු බව චීනය පවසයි

එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව මූලික ණය ගනුදෙනුවකට එකඟවු බව චීනය පවසයි

20874
0

ශ්‍රී ලංකාවේ ණය ගැටලුව පිළිබඳව තම රටේ මූල්‍ය සේවා ආයතන හා ශ්‍රී ලංකා පාර්ශ්වය අතර ඵලදායී සාකච්ඡා පැවැත්වීමට අඛණ්ඩව සහාය වන බව චීනය පවසයි.   චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ බෙයිජිංහි ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ආධාර ලබාගැනීමට සහාය වීම සඳහා, පසුගිය වසරේ සිට චීනයේ අදාළ මූල්‍ය සේවා ආයතන ශ්‍රී ලංකා පාර්ශ්වය සමග අඛණ්ඩව සමීප අදහස් හුවමාරු පවත්වා ඇත. මේ අතර අදාළ චීන මූල්‍ය සේවා ආයතන නිරීක්ෂකයෙකු වශයෙන් ණයහිමියන්ගේ රැස්වීම්වලට සහභාගි වෙමින් සෙසු ණයහිමියන් සමග ද සංවාද පවත්වා තිබේ. සැප්තැම්බර් මස අග දී චීනයේ එක්සිම් බැංකුව චීන ණය මුදල පිළිබඳව ශ්‍රී ලංකාව සමග මූලික එකඟතාවකට එළඹ තිබේ.

ශ්‍රී ලංකා‍වේ ණය පීඩනය ලිහිල් කර, දුෂ්කරතා මගහැර අඛණ්ඩ සංවර්ධනය සාක්ෂාත් කිරීමට සහාය දැක්වීම සඳහා, සිය මූල්‍ය සේවා ආයතන හා ශ්‍රී ලංකා පාර්ශ්වය අතර ඵලදායී සාකච්ඡා පැවැත්වීමට අඛණ්ඩව සහයෝගය පළකරන චීනය අදාළ සෙසු රටවල් හා ජගත් මූල්‍ය සේවා ආයතන සමග ද එක්ව ක්‍රියා කිරීමට සූදානමින් සිටී. එසේම ශ්‍රී ලංකාවේ ණයප්‍රතිව්‍යුහගත කිරීමට සහාය වෙමින් වගකීම සාධාරණ ව මෙන්ම එක්ව බෙදාගන්නා ලෙස චීනය බහුපාර්ශ්වික ආයතන හා වාණිජ ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

((Bloomberg)

Previous articleඉන්දියන් සාගර කලාපයේ අනන්‍යතාව ශක්තිමත් කිරීම ගැන ජනපති විදෙස් නියෝජිතයින්ට පහදයි
Next articleතාඹුගලගේ පිටිපස සිටින්නේ කවුද? – විශේෂ හෙළිදරව්ව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here