Home අද මෙවර වගාව ආරම්භයේදීම පොහොර ලබාදෙනවා – කෘෂිකර්ම ඇමති

මෙවර වගාව ආරම්භයේදීම පොහොර ලබාදෙනවා – කෘෂිකර්ම ඇමති

1820
0

මෙවර වගා කටයුතු ආරම්භයේදීම පොහොර ලබාදීම සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඒබැවින් සියලු වගාව කලින් ආරම්භකරන ප්‍රදේශ වෙත මේවනවිටත් පොහොර ලබාදීම ආරම්භකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“මෙවර පොහොර ලබාදීමේ මුලිකත්වය ලබාදිලා තියෙන්නේ කලින්ම වගාව ආරම්භකරන ප්‍රදේශවලට. නැ‌ගෙනහිර ප්‍රදේශයේ කලින්ම වගාව ආරම්භවෙනවා. මේ නිසා අද සිට නැගෙනහිරට පොහොර ලබාදෙනවා. සියලු කාරණා සැලකිල්ලට අරගෙන කුඹුරේ සීසාන වෙලාවටම පොහොර ලබාදෙනවා. කිසිසේත්ම හිගයක් ඇති නොවන ආකාරයට පහසුවෙන් පොහොර ලබාගන්න අවස්ථාව අපි සලසා දෙනවා. ලංකාවට එන පොහොර සිල්ලම ප්‍රමිතයෙන් යුතුව අරගෙන එන්නේ පොහොර ලේකම් කාර්යාලය එය අධීක්ෂණය කරනවා. ප්‍රමිතිය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යනවා වගේ කල් ඇති පොහොර ජනතාවට ලබාදිමට කටයුතු කරනවා.  පොහොර මෙට්‍රික්ටොන් 21000 ක් ජනතාව වෙත ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. අතිරේකව අපිට පොහොර එන්න තිබෙනවා. ගොවින්ට කැමති තැනකින් පොහොර ගන්න පුළුවන්. යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පොහොර නොමැතිවීම හේතුවෙන් පසුගිය කන්නවලදී ගොවියන් අපහසුතාවයට පත්වු අතර මෙවර එම ගැටලු සියල්ල මඟහරවා ගැනීමට මෙම තිරණය ගෙන තිබේ.

 

Previous articleධම්මික කැමති උනාට පක්ෂය තවම තීරණය කරලා නැහැ – සාගර කාරියවසම්
Next articleවිදෙස් විශ්ව විද්‍යාල වල වෛද්‍ය උපාධිය මෙරටදී පිළිගැනීමට රජය තීන්දු කරයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here