Home අද ධම්මික කැමති උනාට පක්ෂය තවම තීරණය කරලා නැහැ – සාගර කාරියවසම්

ධම්මික කැමති උනාට පක්ෂය තවම තීරණය කරලා නැහැ – සාගර කාරියවසම්

1735
0

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂක ධුරයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම සිය පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා නම්කර නොමැති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් වසරක පමණ කාලයක් තිබෙන බැවින් මේතරම් ඉක්මණින් අපේක්ෂකයා තේරීමට අවශ්‍ය නොමැති බවත් තම පක්ෂය ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කරන අපේක්ෂකයෙක් පමණක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුයේ පක්ෂයේ මාධ්‍ය හමුවේදීය.

“ධම්මික පෙරේරා මහතා  පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. පක්ෂය හැටියට අපි ඉතාම සතුටුවෙනවා ඔහු අපි සමග සිටීම සම්බන්ධයෙන්. එතුමා පක්ෂයේ මතයට පිටින් යන දෙයක් කියලා  නැහැ. මොකද දේශපාලනය කරන බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කැමතියි.  ඒක බොහෝ දෙනා කැමති දෙයක්. තමන් කැමති දේවල් ගැන කියන්න හැමෝටම අයිතියක් තිබෙනවා. නමුත් ඉදිරි ජනාධිපතිවරණය ගැන අපි පක්ෂය විදිහට කිසිම තිරණයක් අරගෙන නැහැ. අවුරුද්දකට පෙර අපේෂකයා නම්කරන්න අපිට අවශ්‍ය නැහැ. රටට ගැලපෙනම සුදුසුම අපේක්ෂකයා නිසි අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන්නේ ජයගන්නා අපේක්ෂකයා එහෙම නැතිව එක එක අයගේ නම් ඉදිරිපත් කලා කියලා  අපි අපේක්ෂකයෝ ඉදිරිපත් කරන්නේ නැහැ.” යැයි පැවසීය.

Previous articleකොළඹ විශ්වවිද්‍යාලය සම්ප්‍රදායික රාමුවෙන් එළියට පනී – උගතුන් රටින් පනිද්දී ලාබ එකතු කරයි
Next articleමෙවර වගාව ආරම්භයේදීම පොහොර ලබාදෙනවා – කෘෂිකර්ම ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here