Home අද මැදපෙරදිග යුද්ධයෙන් ‌‌ලෝකයේ තෙල් මිල තවත් ඉහළට

මැදපෙරදිග යුද්ධයෙන් ‌‌ලෝකයේ තෙල් මිල තවත් ඉහළට

25340
0

ඊශ්‍රායල සහ පලස්තීන යුධ ගැටුම් ඇතිවීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල  ඉහළ යමින් පවතින අතර ඉතා කෙටිකලකින් එය සීග්‍රලෙස ඉහළ යාමේ අවධානමක් මතුව ඇති බව විද්වතුන් පෙන්වාදී තිබේ.

යුද්ධය ඇතිවීමෙන් පසුව දිනක් තුළ තෙල් මිල 05% න් ඉහළ ගොස් ඇති අතර මේවනවිට තෙල් බැරලයක් ඩොලර් 97 කට අලෙවි ‌වෙමින් පවතී. ඉතා ඉක්මණින්ම තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යාමේ අවධානම මතුව ඇති අතර මේ හේතුවෙන් රටවල් රැසකට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවන ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

සීත සෘර්තුව එළඹීමත් සමග තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමට තෙල් නිපදවන රටවල් තීරණය කළ අතර ඊශ්‍රායල සහ පලස්තීන යුධ ගැටුම් ඇතිවීම හේතුවෙන් තෙල් සැපයුමට බාධා ඇතිකරන බැවින් මිල ඉහළ යාම කඩිනම් වීමට හේතුවි තිබේ.

එමෙන්ම මේවනවිට ලෝක වෙළෙඳපොලේ රත්රන් මිල ද ඉහළ යමින් තිබේ.

කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ ලෝකයේ ආර්ථික වශයෙන් පහළ මට්ටමක සිටින රටවල් රැසකට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවන ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වාදී තිබේ.

මීට වසර 50 ට පෙර ඊශ්‍රායල සහ පලස්තීන අතර දින 10 ක කාලයක් පැවති යුද්ධය හේතුවෙන්ද ලෝකයේ රටවල් රැසකට තෙල්මිල ඉහළ යාම ඇතුළු දුෂ්කරතා රැසකට මුහුණදිමට සිදුවිය.

Previous articleඊශ්‍රායල්- පලස්තීන ගැටු‌මෙන් මියා කලීෆාට රැකියාව අහිමි වේ
Next articleඊශ්‍රායල අර්බුදය පිළිබඳව ජනපති අමාත්‍ය මණ්ඩලයට කියු දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here