Home අද ජනපති නියමයෙන් මඩකලපුවේ කටවුට් එක ඉවත් කරලා

ජනපති නියමයෙන් මඩකලපුවේ කටවුට් එක ඉවත් කරලා

2477
0

“රනිල් වෙනුවෙන් අපි 2024” නමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ දැවැන්ත කටවුට් ප්‍රචාරණ වැඩසටහනක් මඩකලපු නගරයේ ප්‍රදර්ශනය කර තිබෙනු පසුගියදා දක්නට ලැබුනා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව නගරයේ සිදුකල සංචාරය හේතුවෙන් මෙලෙස දැවැන්ත ප්‍රමාණයේ කටවුට් ප්‍රදර්ශනය කරන්නට ඇති බවට තොරතුරු වාර්තා වූ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ 2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවෙන් අරඹා ඇති බවයි.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනගත් වහාම එම දැවැන්ත කටවුත් ඉවත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

උත්සව අවස්ථාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ සම්ප්‍රදායක් ලෙස මඩකලපුව නගරයට තමන් පැමිණෙන විට විශාල කටවුට් එකක් දමා තිබුනත් තමන් කටවුට් දේශපාලනයට විරුද්ධ බවයි.

කටවුට් දේශපාලනය සහ සටන් පාඨ දේශපාලනය හේතුවෙන් ආර්ථිකය කට් වූ බවත් ඒ නිසා අපි අලුතෙන් සිතිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම සෑම වැඩකදීම තමන්ගේ රූපය පෝස්ටර් වල දැමීමෙන් ඉවත්වන ලෙස ද ජනාධිපතිවරයා සියලුම දේශපාලනඥයින්ගෙන් මෙහිදී ඉල්ලීමක් කරනු ලැබුවා.

මේ හේතුවෙන් හේතුවෙන් මේවන විට ජනපති නියමය පරිදි මඩකලපු නගරයේ ප්‍රදර්ශනය කර තිබු ජනාධිපතිවරයාගේ සියලුම කටවුට් ඉවත්කර තිබෙන බව වාර්තා වනවා.

Previous articleමිනිස්සුන්ට ඡන්දයක් අවශ්‍ය නැහැ – බ්‍රිතාන්‍ය අගමැති
Next articleතොටවත්ත අත්අඩංගුවට ගත්තේ SJB පැමිණිල්ලකට ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here