Home අද මිනිස්සුන්ට ඡන්දයක් අවශ්‍ය නැහැ – බ්‍රිතාන්‍ය අගමැති

මිනිස්සුන්ට ඡන්දයක් අවශ්‍ය නැහැ – බ්‍රිතාන්‍ය අගමැති

5562
0

බ්‍රිතාන්‍යයේ ජනතාවට දැන් අවශ්‍ය වනුයේ මැතිවරණයක් නොව ඔවුන් මුහුණ දෙන ප්‍රශ්ණ සඳහා විසදුම් බව එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පසුගියදා ප්‍රකාශ කලා. ඒ Sky News පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ජාවක් අතරතුරදී.

මාධ්‍යවේදිනිය – ඔබට ජනතාවගෙන් ජනවරමක් නැහැ. ඔබේ පක්ෂය තුළිනුත් ඔබට ජනවරමක් නැහැ. එසේ තිබියදී ඔබ බරපතළ තීන්දු ගනිමින් සිටිනවා. ඇයි ඔබ ජන්දයකට යන්නේ නැත්තේ.?

අගමැති රිෂී සුනාක් – මේ මොහොතේ රටට මැතිවරණයක් අවශ්‍ය නැහැ. මම දෛනිකව බොහෝ දෙනෙක් හමුවෙනවා. ඔවුන් කිසිවෙකුටත් මැතිවරණයක් අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ආර්ථිකය යහපත් කිරීම සඳහා මම පියවර ගමින් තිබෙනවා. මගෙ අරමුණ පවුල් 5000-10000ක් ඔවුන්ට ඉතුරුකර දීම. මම කරන දේ වැරදි යැයි කවුරුන් හෝ චෝදනා කරනවනම් ඔවුන් ජනතාවට පැහැදිලි කල යුතුයි ඒ ඇයි කියලා.

මාධ්‍යවේදිනිය – ඔබ මැතිවරණ වලට බයයි.?

මගේ අරමුණ උද්ධමනය අඩු කිරීම, නීතිවිරෝධී සංක්‍රමණිකයින් නතර කිරීම, සෞඛ්‍යසේවය ශක්තිමත් කිරීම මිසක් නායකත්ව ගැටලු කෙරෙහි අවධානය යොමුකිරීම නෙමෙයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩසටහන අවසන්වීමට පෙර ඔහු මාධ්‍යවේදිනියට ස්තූති කරමින් වැඩසටහන නතර කලා.

 

Previous articleලෝක තෙල් මිල ඉහළ යාමේ අවධානමක් – විදෙස් මාධ්‍ය
Next articleජනපති නියමයෙන් මඩකලපුවේ කටවුට් එක ඉවත් කරලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here