Home අද IMF ණය වාරිකය ප්‍රමාද ඇයි?

IMF ණය වාරිකය ප්‍රමාද ඇයි?

9501
0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් (IMF)  ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මුල්‍ය පහසුකම යටතේ මෙරටට හිමිවීමට නියමිතව ඇති ඩොලර් මිලියන 300 ක දෙවැනි ණය වාරිකය ප්‍රමාද වී ඇති බව මේවනවිම මේවනවිට දේශපාලන ලෝකයේ දැඩිව කතාබහට ලක්වෙමින් පවතී.

IMF නියෝජනය කරමින් මෙරටට පැමිණි නියෝජිත කණ්ඩායම රජය සමඟ  සාකච්ඡා වට ගණනාවක් පැවැත්වු අතර  එහිදී මින් පෙර එකඟ වු කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාමාලෝචනය සිදුකර තිබේ. සාකච්ඡා අවසානයේදී IMF  නියෝජිතයින් විසින් නිකුත්කළ නිවේදනයේදී සහ මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා රජය මින් පෙර ඇති කරගත් එකඟතාවයන් ඉටුකිරීම සඳහා සිදුකර ඇති කැපවීම දැඩි ලෙස අගයකර තිබේ.

එසේනම් දෙවැනි වාරිකය නිදහස් කිරීමට ප්‍රමාදවී ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් අපවිසින් රජයේ ‌ඉහළ පෙලේ ආරංචි මාර්ග හරහා කළ විමසුමකදි වැදගත් කරුණක් අනාවරණය කරගැනීමට අපට හැකිවිය.

ශ්‍රී ලංකා රජය විසින් බදු ආදායම් ඉලක්ක සපුරාගැනීම සඳහා අපොසත්ව ඇති බව මෙම සාමාලෝචනයේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

IMF නියෝජිත නණ්ඩායම නව බදු සහ ගාස්තු ඉහළ නැංවීම් රැසක් මෙහිදී රජයට යෝජනා කර ඇති අතර  ජනාධිපතිවරයා විසින් එම ගාස්තු ඉහළදැම්මීම් හා බදු ප්‍රතික්ශේපකර ඇති බව වාර්තා වේ. එයට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ජනතාව මත දැනටමත් පටවා ඇති බර වැඩි බවත් එය  දරාගැනීමට නොහැකි මට්ටමට ලගාවී ඇති බවත්ය. එවන් මොහොතක ජනතාව මත තවත් බදු පැනවීම සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා තවදුරටත්  මෙම කණ්ඩායමට ප්‍රකාශ කර තිබේ.

IMF යෝජනා කරන ප්‍රතිසංස්කරණ වෙනුවට රජයේ පාර්ශවය සකස් කරන ලද රාජ්‍ය ආදායම් වැඩිකරගැනීමේ විශේෂ යෝජනා කිහිපයක් IMF  කණ්ඩායම වෙත ඉදිරිපත් කර ඇති අතර  මේ ගැන විශේෂ අධ්‍යනයක් කළ යුතු බව එම කණ්ඩායම රජයට දැනුම්දී තිබේ.

කෙටිකාලයක් තුළ මේ සම්බන්ධයෙන් අධ්‍යනයක කර ණය වාරිවකය නිදහස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා සති කිහිපයකත කාලයක් ලබාදෙන ලෙසත් IMF කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම්දි තිබේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ හා IMF වැඩපිළිවෙල හේතුවෙන් මෙරට  ජනතාවට තවදුරටත් අසීමාන්තික පීඩනයක්  එල්ල කළහොත් මෙම සියලුම වැඩසටහන් කඩා වැටී සමාජය තුළ අසහනක් නිර්මාණය වීමට ඉඩ ඇති බවත් එමනිසා මෙම  ප්‍රතිසංස්කරණ සීරුමාරුවෙන් කල යුතු බවද ජනාධිපතිවරයා IMF ධුත මණ්ඩලයට දැනුම්දී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Previous articleලංකාවේ ආදායම් රැස් කරන දෙපාර්මේන්තු වල දුෂණය මුල් බැහැලා – IMF
Next articleඉක්මණින් ඉටුකළ යුතු යෝජනා 16 ක් ගැන IMF කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here