Home අද ඉක්මණින් ඉටුකළ යුතු යෝජනා 16 ක් ගැන IMF කියයි

ඉක්මණින් ඉටුකළ යුතු යෝජනා 16 ක් ගැන IMF කියයි

13908
0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලබාගත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදීමෙන්අනතුරු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළයුතු යෝජනා 16 ක් ලබාදි තිබේ. මෙම යෝජනා ඉතා ඉක්මණින් සිදුකරන්නේනම් යහපත් බවද මුල්‍ය අරමුදල මගින් දැනුම්දී තිබේ. එම යෝජනා මෙසේය,

01  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ අධ්‍යයක්ෂ ජනරාල්වරයා පත්කිරීමේදී ඊට අදාළ උපදෙස් ලබාදීම සඳහා ස්වාධීන විද්වත් මණ්ඩලයක් පත්කිරීම සඳහා යෝජනා කෙරේ.

02 ජනාධිපති අගමැති සහ අනෙකුත් අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන වෙබ් අඩවියක් හරහා ප්‍රකාශයට පත්කළ යුතුය.

03 දුෂණයට එරෙහි සියලුම දේශිය නෛතික ප්‍රතිපාදන එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී ප්‍රඥප්තියට (UNCAC)  සහ මුල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධක බලකා නියමයන්ට (FATF) පුර්ණ වශයෙන් අනුගත විය යුතුය.

04 තමන්ගේ රාජකාරී වගකීම පැහැර හැර ඇති ගිණුම් නිලධාරීන් ට එරෙහිව දඩ මුදල් පැනවීමට හැකි ආකාරයෙන් විගණකාධීපතිවරයාට බලය පවරමින් ජාතික විගණන පනත සංශෝධනය කළ යුතුය.

05 සමාගම් වල ආයෝජනය කර ඇති පුද්ගලයින් පිළිබඳ නිසි පරිදි තොරතුරු දැනගත හැකිවන ලෙස සමාගම් පනත සංශෝධනය කළ යුතුය.

06 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රජයේ ප්‍රසම්පාදන නීතිය යාවත්කාලීන කළ යුතුය.

07 තරඟකාරී ටෙන්ඩර් සම්බන්ධයෙන් අවම මිල ඉදිරිපත් කළ සමාගම් අනුපිළිවෙල අනුව සියලු තොරතුරු වෙබ් අඩවියකින් ප්‍රකාශයට පත් කල යුතුවේ.

08 විශේෂ වෙබ් අඩවියක් හරහා (I) රුපියල් බිලියනට වඩා වැඩි රජයේ කොන්ත්‍රාත්තු දිනාගන්නා ලද සමාගම් කවරේද, (11) බදු සහන ලබාගන්නා සමාගම් කවරේද ඒවායේ කපාහරින ලබන බදු ප්‍රමාණයන් කවරේද (111) සුඛෝපභෝගී වාහන ආනයනයේදී බදු සහන ලබාගන්නා පාර්ශවයන් පිළිබඳ තොරතුරු ජනතාවට ඉදිරිපත් කල යුතුය

09 රාජ්‍ය සමාගම් වල ඉහළ නිලධාරීන් කුසලතාපුර්ණ ස්වාධීන අචාර්ධාර්මික පුද්ගලයින් පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.

10 උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත අත්හිටුවිය යුතුය. ඒ වෙනුවට  මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති විනිවිධභාවයකින් යුතුව සිදුකිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුවක් සකස් කළ යුතුය.

11 පාර්ලිමේන්තුවේ පුර්ණ අනුමැතියකින් තොරව කිසිදු බද්ධක වෙනසක් සිදු නොකළ හැකි ආකාරයෙන් අමාත්‍යවරුන්ගේ බලය සීමාකිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ඇති කළ යුතුය. එවන් බදු වෙනසක් සිදුකරන අවස්ථාවකදී රාජ්‍ය ආදායම පහළ නොයා යුතුය.

12 ආදායම් දෙපාර්තමේන්තු සියල්ලේම දැඩි දුෂණ විරෝධී නෛතික රාමුවක් ස්ථාපනය කළ යුතු අතර දැඩි සුපරික්ෂණයකට ද යටත් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් ගනුලබන පියවරයන් ජනතාවට දැනුම්දිය යුතුය.

13 සේවක අර්ථසාධක අරමුදල මහබැංකුවේ සෘජු කළමණාකරයෙන් ඉවත් කළ යුතුය. ඒ සඳහා නව කළමණාකරන වැඩසටහනක් හදුන්වා දිය යුතුය.

14 රාජ්‍ය බැංකු සඳහා යහපාලනවැඩසටහනක් හදුන්වාදිය යුතුය.

15 රජයේ ඉඩම් සියල්ල පිළිබඳව තොරතුරු අඩංගු වෙබ් අඩවියක් නිර්මාණය කළ යුතුය.

16 අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය ඇතිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

 

 

 

 

 

Previous articleIMF ණය වාරිකය ප්‍රමාද ඇයි?
Next articleමෙල්වා සමාගම ප්‍රධාන අනුග්‍රහයෙන් Skill Force සිව්වන අදියර නුවරඑළියේදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here