Home අද මිලියනයේ සංචාරකයා දිවයිනට

මිලියනයේ සංචාරකයා දිවයිනට

72338
0

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව  මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (26දා) දහවල් 12.45 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 504 දරණ ගුවන් යානයෙන් පැමිණෙන සංචාරක පිරිස සමඟ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගිය බව  සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේය.  ඔවුන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ පර්යන්තයේ විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබුණි.

එමෙන්ම ඉදිරි සිව් මස තුළ සංචාරකයින් මිලියනයක් හා ඇ.ඩො. බිලියන 1.8ක අපේක්ෂා කෙරන බවද සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, ලංකාවේ සංචාරක ව්‍යාපාරය 2018 වසරේදී ඉතාමත් සාර්ථක මට්ටමක පැවති බවත්, සංචාරකයන් මිලියන 2.3ක් රටට පැමිණි බවත්ය. එම වසර තුළ සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක් විය. 2019 වසරේ අප්‍රේල් මස පාස්කු ප්‍රහාරය සමග මේ ප්‍රගතිය අඩාල වූ අතර තවදුරටත් 2020 ජනවාරි මස සිට කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමග තත්වය තවත් නරක අතට හැරිණ. පසුගිය වසරේ සංචාරකයින් පැමිණීම එක්ලක්ෂ අනූහතරදාහක් දක්වා පහත වැටිණ. සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම වසර තුළ දැනට ලක්ෂ පහකට ආසන්න සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති බවයි. දැනට ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ආයතන 6000ක් පමණ ලියාපදිංචි වී ඇත. මිලියන තුනකට අධික පිරිසක් සෘජු හා වක්‍ර රැකියාවල නිරතව සිටිති. 2019 වසර තුළ සංචාරක කර්මාන්තයේ බිඳවැටීමත් සමග මෙම ව්‍යාපාරය හා සම්බන්ධ බොහෝ දෙනෙකුට රැකියා අහිමි විය.

දැනට සංචාරක ව්‍යාපාරය පළාත් කිහිපයක පමණක් ව්‍යාප්ත වී ඇති නමුදු නැගෙනහිර, උතුරු, වයඹ හා ඌව යන පළාත්වල සංචාරකයින්ට ආකාර්ෂණීය ප්‍රදේශ පවතින බව කී සභාපතිවරයා දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ ආකර්ෂණීය ස්ථාන 5500කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා ඒවාද ඇතුළත් කොට ආයතන නවයක් ඔස්සේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව සදහන් කළේය.

No description available.

Previous articleඋඹලගේ විකාර දැන් ඇති – ඇන්තනී පවුලට දියණිය මියගිය මවකගේ විරෝධය
Next articleකොරියාවේ සමූපකාරයක සහාය ශ්‍රී ලංකාවට – හදුන්නෙත්තිගෙ කොරියානු සංචාරයෙන් රටට වාසි රැසක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here