Home අද උඹලගේ විකාර දැන් ඇති – ඇන්තනී පවුලට දියණිය මියගිය මවකගේ විරෝධය

උඹලගේ විකාර දැන් ඇති – ඇන්තනී පවුලට දියණිය මියගිය මවකගේ විරෝධය

8110
0

දැඩිලෙස රෝගී තත්වයට පත් තම දියණිය ජාතික රෝහලට ඇතුළත් කරීමෙන් පසුව නියමිත වේලාවට වාතාශ්‍රය යන්ත්‍රයක් (ventilator machine) සහිත ICU ඇඳක් නොලැබීම හේතුවෙන් පැය 06 ක් ඇතුළත මියයාමේ සිදුවීමට මුහුණදුන් මවක් විසින් ජැක්සන් ඇන්තනී පවුලට විරෝධය පළකරමින් සංවේදී සටහනක් ෆේස්බුක් වෙත එක්කර තිබේ.

තම දියණියට ICU ඇඳක් ලබාගැනීමට පැය 06 ක් බලා සිටියද එය සිදු නොවු බවත් එලෙස නිසි වේලාවට ප්‍රතිකාර ලැබුනේනම් තම දියණිය‌ගේ දිවිබේරෙන බවද ඇය සඳහන් කර තිබේ.

එසේ උවද මොළය මියගොස් ඇති බව සියලු වෛද්‍යවරුන් තහවුරු කර තිබියදී ජැක්සන් ඇන්තතී මහතා දින 500 ට වැඩි කාලයක් (අවුරුදු එක හමාරක්) දැඩිසත්කාර ඒකකයේ නවතා ඇත. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි අසාධාරණයක් සිදුවන පළමු අවස්ථාව මෙය බවද ඇය සිය සටහනේ සඳහන් කර තිබේ.

එමෙන්ම ජැක්සන් ඇන්තනී මහතා මෙලෙස රෝහලේ තබා තිබියදී ඔහුගේ පවුලේ සියල්ලෝ ඉතා සතුටින් සාද පවත්වමින් විවිද සැමරීම් සිදුකරමින් සිතුසේ සතුට භුක්ති විදමින් සිටින අතර ඒ කිසිවක් නවත්වා නොමැති බවද ඇය අවධාරණය කර ඇත.

එවැනි තත්වයක් තුළ ඔවුන්ට ප්‍රතිකාර කිරීමට මේතරම් අවශ්‍යනම් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා යොමුකිරීමට හොදින්ම හැකියාව තිබෙන බව පෙන්වා දෙමින් “ඔයාලා හැමෝම මේ නාඩගම නවත්තනකම් අපේ ආදරවන්තිය නැතිකරමුද?” යනුනේ ඇය ප්‍රශ්න කර තිබේ.  මේ නිසා ඇය ඇන්තනී පවුලෙන් ඉල්ලා සිටින්‌නේ අනිත් සැමටද ජීවත් වීමට ඉඩදෙන ලෙසයි.

මෙම තැනැත්තිය ෆේස්බුක් වෙත නිකුත් කළ එම සංව්දී සටහනට ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් පුතු අඛිල විසින් සිනාමුසු මුහුණක් යොමුකර ප්‍රතිචාර දක්වමින් එය උපහාසයට ලක්කර තිබීමද කණගාටුවට කරුණකි.

රියඅනතුරකින් පසු අසාධ්‍ය තත්වයට පත්වු ජැක්සන් ඇත්තනී මහතා දැඩිසත්කාර එකකයට ඇතුළත් කර මේවනවිට වසර එකහමාරකට වැඩිකාලයක් ගතවී තිබේ.

ඇය විසින් තබා ඇති සටහන

Open photo

ජැක්සන්ගේ පුතුගේ ප්‍රතිචාරය

Open photo

May be an image of 5 people and people smiling

No description available.

 

Previous article“ලව්” කරන්න අවසර ඔනේ නැහැ  – පොලිස් මාධ්‍ය ප්‍රකාශ කියයි
Next articleමිලියනයේ සංචාරකයා දිවයිනට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here