Home අද මිල අඩුවෙනවට බය බිත්තර මාෆියාවේ බොරුව හෙළිවේ -කුණු බිත්තර කතාව බොරුවක්

මිල අඩුවෙනවට බය බිත්තර මාෆියාවේ බොරුව හෙළිවේ -කුණු බිත්තර කතාව බොරුවක්

1912
0

මෙරට බිත්තර වෙළඳපොළ තුළ ගෙනගිය බිත්තර මාෆියාව බිඳදැමීට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ බිත්තර මිල ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

මේ තත්වය අඩාල කිරීමේ  අරමුණෙන්  “ ඉන්දියාවෙන් ගෙන එන බිත්තර කුණුවී ඇති බවත් කුණු බිත්තර කන්ටෙන්ර් වරායේ ඇති බවටත්” දැවැන්ත ප්‍රචාරයක් ගෙනගිය අතර එම ප්‍රචාරය අසත්‍යයක් බව මේවනවිට ශ්‍රී ලංකා රේගුව සඳහන් කර තිබේ.

ඉන්දියාවෙන් ගෙන්වනු ලබන බිත්තර කන්ටෙන්ර්  විශේෂ රේගු පරීක්ෂාවට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සත්ව නිරෝධායන අංශය සහ ආහාර ඖෂධ පරීක්ෂකගේ පරීක්ෂාවෙන් පසු ඔවුන්ගේ නිර්දේශ යටතේ පමණක් මුදාහරින බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම මේ දක්වා මුදා හැර ඇති බිත්තර කන්ටේන්ර් සියල්ල සඳහා රජයේ ආහාර පාලකවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අනුමැතිය ලබාගෙන ඇති බවද “කුණු බිත්තර කන්ටේනර්” කතාව සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවද රේගු දෙපාර්තමේන්තුව විසින් පසුගිය 21 දා නිකුත් කළ ලිපියකින් සඳහන් කර තිබේ.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සිදුකරන අතර එම බිත්තර රුපියල් 35 ට වෙළඳපොළට නිකුත් කරයි. ඒ වනවිට දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් තිබු අතර මේවනවිට බිත්තර මිල රුපියල් 45 හෝ ඊට අඩු ගණන් දක්වා ක්‍රමයෙන් පහළ යමින් පවතී. වෙළඳ පොළ තරඟකාරීත්වය ඇතිකිරීම මගින් සාධරණ මිලගණන් යටතේ පාරිභෝගිකයාට ද්‍රව්‍ය අලෙවිකළ හැකි යන රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙය සිදුකරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කර තිබුණි.

ආනයනික බිත්තර දිනකට ලක්ෂ 10 බැගින් අලෙවිකරන අතර ඉදිරි සති සඳහාද බිත්තර ආනයනය කර ඇති බවද රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළේය. මේ අතර දේශිය බිත්තර නිෂ්පාදකයින් විසින් කිසිදු දැනුම්දීමකින් තොතරව බිත්තරයක මිල රුපියල් දෙකකින් ඉහළ දැමීමේ සිදුවීමක්ද පසුගිය සතියේ වාර්තා විය.

Previous articleලබන මාසයේ අලුත් පිරවුම්හලක් වෙළඳපොලට
Next articleසරත් වීරසේකරට වීසා ලබාදීම ඇමරිකාව පමා කරයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here