Home අද ලබන මාසයේ අලුත් පිරවුම්හලක් වෙළඳපොලට

ලබන මාසයේ අලුත් පිරවුම්හලක් වෙළඳපොලට

2621
0

ඇමරිකාවේ ශෙල් සමාගමට අනුබද්ධ RM Parks සමාගම ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම්කර තිබේ.

ආරම්භයේදී ඛනිජ තෙල් සංස්ථාව සතු පිරවුම්හල් 150ක් එම සමාගම විසින් සිය මෙහෙයුම් කටයුතු සඳහා ලබාගන්නා අතර පසුව සමාගම විසින් තවත් පිරවුම්හල් 50 ඉදිකිරීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළඳපොලට පිවිසෙන හතරවන ආයතනය මෙයයි. ඔවුන් විසින් සෑම මසකදීම ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කරනු ඇත. සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් පිරවුම්හලක් හෝ RM Parks සමාගම විසින් විවෘත කරනු ලබන අතර කොලඹ දිස්ත්‍රික්කය සඳහා විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි වාර්තා වේ.

Previous articleලබන වසරේ අයවැයෙන් ආයෝජකයින්ට රජ මඟුල්
Next articleමිල අඩුවෙනවට බය බිත්තර මාෆියාවේ බොරුව හෙළිවේ -කුණු බිත්තර කතාව බොරුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here