Home අද ඇමරිකාවේදී ෆේස්බුක් ලොක්කෙක් හමුවු ජනපති ඔවුන්ට කිව්වේ මොනවාද?

ඇමරිකාවේදී ෆේස්බුක් ලොක්කෙක් හමුවු ජනපති ඔවුන්ට කිව්වේ මොනවාද?

2288
0

ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ෆේස්බුක් (Facebook)  සමාජ මාධ්‍ය ජාලය අයත් මෙටා (Meta) සමාගමේ නියෝජිතයන් හමුවි අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාකර තිබේ.

නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) සමග ජනාධිපතිවරයා මෙලෙස සාකච්ඡා කර ඇති අතර  අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කර ඇති අතර ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමඟ සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා වි තිබේ.

 

Previous articleඉන්දු-පැසිෆික් කලාපයේ  දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
Next articleඋසස් පෙළ කල්යයි – අලුතින් අයැඳුම් කිරීමටත් අවස්ථාව?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here