Home අද ලංකාවේ සංවර්ධනයට දායක වෙන්න ඉන්දියාව, ප්‍රංශය, ජපානය සහ චීනය එක තැනකට

ලංකාවේ සංවර්ධනයට දායක වෙන්න ඉන්දියාව, ප්‍රංශය, ජපානය සහ චීනය එක තැනකට

2499
0

කොවිඩ්-19 වසංගතයෙන් පසු ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපය තුළ ඉහළට රැගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.

ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ආර්ථික ස්ථාවරත්වය ඉතා වැදගත් බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා රටක් ලෙස ස්ථාවර සහ විශ්වසනීය ප්‍රතිරූපයක් පවත්වා ගැනීම ලෝකය තුළ ශ්‍රී ලංකාවේ අභිමානය රැකගැනිමට ඉවහල් වන බව ද සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘මෑතකාලීන ඉහළ පෙළේ සංචාරයන් සහා ඉන්දියාන් සාගරයේ දර්ශනය’ යන මැයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Bagley), ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් (Qi Zhenhong), ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටෙට් (Jean-Francois Pactet) සහ ජපානයේ තානාපති හිදෙයාකි මිසුකොෂි (Hideaki Mizukoshi) යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටිය හ.

මෙලෙස ඉන්දියාව, ප්‍රංශය, ජපානය සහ චීනය යන රටවල් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් එක ස්ථානයකට එකතුවීම ශ්‍රී ලංකාව මේ වනවිට ශක්තිමත් විදේශ සබඳතා පවත්වාගෙන යමින් සිටින බවට සාක්ෂියකි.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී ඩිජිටල් මූල්‍යකරණය සහ බලශක්ති සුරක්ෂිතභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු කථානායක කරු ජයසූරිය සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියා.

ආසියානු කලාපයේ අනාගතය හැඩගැස්වීමේදී උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

Previous articleවර්ජනයේ නියුතු දුම්රිය රියදුරන්ට අවසන් නිවේදනය නිකුත් කෙරේ
Next articleඅදින් ඇරඹෙන G77 සමූළුවට චීනය සහය දෙන්නේ ඇයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here