Home අද ජනපති රනිල්ට ඩුබායිහිදී හමු වු විශේෂ අමුත්තා

ජනපති රනිල්ට ඩුබායිහිදී හමු වු විශේෂ අමුත්තා

3254
0

කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී-77 සහ චීනය සමුළුව සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඩුබායි හි ගුවන්තොටුපොලේදී විශේෂ අමුත්තෙක් මුණගැසී තිබේ.

ඒ ඉන්දියාවේ බටහිර බෙන්ගාල ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි මහත්මියයි . ගුවන් හුවමාරු කාලපරාසය තුළදී ඩුබායි හි ගුවන්තොටුපොලේ රැදී සිටි ජනාධිපතිවරයා එහි ප්‍රධාන අමාත්‍යවරිය සිටිනු දැක කෙටි සුහද සාකච්ඡාවක් සඳහා ඇයට ආරාධනා කළ බව මමතා බැනර්ජි මහත්මිය ට්විටර් පණිඩුඩයක් නිකුත්කරමින් ප්‍රකාශ කර තිබේ.

එහිදී ප්‍රධාන අමාත්‍යවරිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නුදුරේදී කල්කටා නගරයේදී පැවැත්වීමට නියමිත බෙන්ගාල් ගෝලීය ව්‍යාපාරික සමුළුව ඇමතීම සඳහා ආරාධනා කර තිබේ. එසේම ජනාධිපතිවරයාද ප්‍රධාන අමාත්‍යවරියට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළ බව වැඩිදුරටත් එම ට්විටර් පණිඩුඩයේ සඳහන් වේ.

ඉන්දියාවේ ප්‍රාන්ත අතර හයවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන බටහිර බෙන්ගාලයේ ආර්ථිකය ඇමරිකානු ‌ඩොලර් බිලියන 220 ක විශාලත්වයකින් යුතුවේ.

 

 

Previous articleජනපති කියුබා හා ඇමෙරිකා සංචාරය අරඹයි
Next articleවර්ජනයේ නියුතු දුම්රිය රියදුරන්ට අවසන් නිවේදනය නිකුත් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here