Home අද මට සල්ලි නෑ – මගේ සල්ලි දෙන්න – උදයංග

මට සල්ලි නෑ – මගේ සල්ලි දෙන්න – උදයංග

2658
0

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන්ගේ ඉල්ලීම මත මිග් ගනුදෙනුවේ මුදල් තැන්පත් කර ඇතැයි සැක කරමින් වසර අටක් තිස්සේ සිය බැංකු ගිණුම් අත්හිටුවා තිබීමෙන් තමන් මහත් ආර්ථික අපහසුතාවයට පත්ව ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට දැනුම් දුන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්හිටුවා ඇති සිය බැංකු ගිණුම් දෙකක මුදල් තමන් වෙත මුදාහරින්නැයි විශේෂ මෝසමක් ගොනු කරමින් ඉල්ලා තිබෙනවා.

ශ්‍රි ලංකා රජය මිග් ගනුදෙනුවට අත්සන් කිරීමට පෙර කොමර්ෂල් බැංකුවේ තමන්ගේ ගිණුමේ තැන්පත් කොට තිබු මුදල් මෙන්ම තමන් තානාපතිධුරය දැරූ වසර 09 කට ආසන්න කාලයේදී වැටුප් වශයෙන් ලැබුණු මුදල් තැන්පත් කොට ඇති සිය බැංකු ගිණුම් දෙකකට පනවා ඇති තහනම් ඉවත් කරන්නැයි ජනාධධිපති නීතීඥ අනිල් සිල්වා මහතා මාර්ගයෙන් උදයංග වීරතුංග මහතා වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ විශේෂ මෝසමකට අනුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා උදයංග වීරතුංග මහතාගේ දිවුරුම් පෙත්සමක්ද අධිකරණයට කරුණු ඉදිරිපත් ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළේය.

උදයංග වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා වසර නමයක කාලයක් රුසියාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් එහිදී තමන්ට ලැබුණු තානාපති වැටුප බැර කල බැංකු ගැනීමේ මුදල් සහ මිග් ගනුදෙනුව සිදු වු 2006 වසරට පෙර තමන්ට ලැබුණු මුදල් බැංකු ගිණුම් වල තැන්පත් කොට ඇතැයිද කීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළ බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා 2015 වසරේදී දුෂණ විරෝධි කමිටුවට පැමිණිලි කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 මාර්තු 26 වැනිදා ගොනු කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ කොටුව මහේස්ත්‍රාත්වරයා සිය සේවාදායකයාගේ බැංකු ගිණුම් ඒකපාර්ශිකව අත්හිටුවා ඇතැයිද කී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මහබැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා අදාළ ගිණුම් අක්‍රීය කළ කාලසීමාව ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි කීය.

වසර 17කට පෙර සිදු වූ බව කියන මිග් ගනුදෙනුවක් පිළබඳව චෝදනා කරමින් පුරා වසර 8 කට වැඩිකාලයක් තිස්සේ මෙලෙස ඒකපාර්ශිකව බැංකු ගිණුම් අත්හිටුවා තිබීම බලවත් අසාධාරණයක් යැයිද තම සේවාදායකයා පවුලේ එකම ආදායම් උපයන්නා බවත් මෙලෙස ඒකපාර්ශවිකව බැංකු ගිණුම් අක්‍රියකිරීමෙන් ඔහුගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතු වී ඇතැයිද කී අනිල් සිල්වා මහතා මින් තම සේවාදායකයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය ඇතැයිද කීය.

උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අද (13) දැනුම් දීමට නියම කළේය.

Previous articleපොහොට්ටුව යළි නැගිටිනවට ජාත්‍යන්තරය බයයි – කාරියවසම්
Next articleජනපති කියුබා හා ඇමෙරිකා සංචාරය අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here