Home අද පොහොට්ටුව යළි නැගිටිනවට ජාත්‍යන්තරය බයයි – කාරියවසම්

පොහොට්ටුව යළි නැගිටිනවට ජාත්‍යන්තරය බයයි – කාරියවසම්

2952
0

පොහොට්ටුවේ යළි පිබිදීමට මෙරට දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තරය ද බිය වී ඇති බවට සැකසහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

කිසිඳු පදනමක් හෝ තේරුමක් නොමැති චැනල් 4 නාලිකාවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත්කර එම ප්‍රහාරය රාජපක්ෂවරුන්ට පැවරීමට ගනු ලබන උත්සාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පක්ෂය පිහිටුවා වසරක කාලයක් ගතවන විට පැවති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් කළ සිය පක්ෂයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙන බව පෙනෙන්නට තිබියදී චැනල් 4 නාලිකාවේ සඳහන් කරන පරිදි කිසිවක් කිරීමට අවශ්‍ය නොමැති බවත් එහි සඳහන් කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් හෝ සිදුකරන ලෙසත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Previous articleදුම්රිය ත්‍රස්ත්‍රවාදීන් මරණයට වගකිව යුතුයි – බන්ධුල
Next articleමට සල්ලි නෑ – මගේ සල්ලි දෙන්න – උදයංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here