Home අද දුම්රිය ත්‍රස්ත්‍රවාදීන් මරණයට වගකිව යුතුයි – බන්ධුල

දුම්රිය ත්‍රස්ත්‍රවාදීන් මරණයට වගකිව යුතුයි – බන්ධුල

2423
0

මේවනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දුම්රිය ත්‍රස්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන බවත් දුම්රියෙන් වැටී තරුණයෙකු මියයාමේ සම්පුර්ණ වගකීම ඔවුන් භාරගතයුතු බවත් ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. කැබිනට් මාධ්‍ය හමුවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

දුම්රිය සේවකයින්ගේ සුළු පිරිසක් මෙලෙස අනීතිකව හැසිරෙන බවත් මේ හේතුවෙන් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවාහන)  එන් ජේ ඉදිපොලගේ මහතා පැවසුයේ ,  මෙම වර්ජනය කරන පුද්ගලයින්ගේ ඉල්ලීම් දෙපාර්තමේන්තුව මට්ටමින් විසදන්න පුලුවන් ඒවා නොවන බවත් සාමාන්‍යාධිකාරී මේ සදහා මැදිහත්වෙලා ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටි අතර  අද දිනයේදී කැබිනට් අනුකාරක සභාව සමග  සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම්කර තිබුණු බවය. මේ සම්බන්ධයෙන් සියලුදෙනා වගකිවයුතු බවය.

දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ගමන් කිරීමට දුම්රිය නොමැති විම හේතුවෙන් දුම්රියක වහලය මත නැගී ගමන්කළ තරුණයෙක් එයින් ඇදවැටී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.

Previous articleතරුණයෙකුට දිවි අහිමි කළ දුම්රිය වැඩවර්ජනය
Next articleපොහොට්ටුව යළි නැගිටිනවට ජාත්‍යන්තරය බයයි – කාරියවසම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here