Home අද ස්ථාවරත්වය කරා යන ගමන මැතිවරණ නිසා කඩාකප්පල් වීමට ඉඩ දෙන්න එපා –...

ස්ථාවරත්වය කරා යන ගමන මැතිවරණ නිසා කඩාකප්පල් වීමට ඉඩ දෙන්න එපා – හිටපු මහබැංකු අධිපති ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

2938
0

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ප්‍රකෘත්ති තත්වයට පත්කරගනිමින් ස්ථාවරත්වය සහ වර්ධනය කරා යන ගමන මැතිවරණ පැවැත්වීමෙන් කඩාකප්පල්වීමට ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති මෙන්ම කීර්තිමත් ආර්ථික විශේෂඥයෙකු ද වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කර තිබේ.

එසේ නොවුනහොත් ශ්‍රී ලංකාව නැවත දරුණු ආර්ථික කඬාවැටීමකට ලක්වනු ඇතැයි ඒ මහතා අනතුරු හඟවා ඇත. ආයෝජන බැංකුකරුවන්ගේ සමුළුවක් අමතමින් ඔහු පසුගියදා මෙම අදහස් පළකර ඇත.

ශ්‍රී ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගනිමින් ආර්ථිකය නිසි මාවතේ ගෙනයාමට උත්සාහ කලද එම සෑම අවස්ථාවකදීම පැවති මැතිවරණ වලින් පසුව එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කඬාවැටුනු බවයි හිටපු මහබැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ලබන වසර මැතිවරණ වසරක් බවත් එහිදී පාලනයේ සිදුවන කිසියම් හෝ වෙනසකින් වර්ථමානයේදී අප ලබාගනිමින් තිබෙන ආර්ථික ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බැවින් එය එසේ සිදුවීමට ඉඩ නොදිය යුතුය යන්න හිටපු මහබැංකු අධිපතිවරයාගේ මතය වී ඇත.

Previous articleජනාධිපතිවරණයට පක්ෂයක් මිලට ගත් මාධ්‍ය ආයතන හිමිකරුවා
Next articleතරුණයෙකුට දිවි අහිමි කළ දුම්රිය වැඩවර්ජනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here