Home අද වසර 16 පසු තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්

වසර 16 පසු තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්

41526
0

මෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරඟාවලියේදී The International Olympiad in Informatics (IOI) ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

35 වැනි වරට පැවැත්වු  තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරඟාවලිය හංගේරියාවේදී පැවැත්වු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟකරුවන් 04 කු ඒ සඳහා සහභාගී විය  එම කණ්ඩායම නියෝජනය කළ සිතිජ අභිෂේක් කොටුවේවත්ත විසින් මෙම ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී. තරඟාවලිය සඳහා ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් තරඟකරුවෝ 351කු සහභාගී වුහ.

1989 දී ආරම්භකළ තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව 1992 සිට සහභාගීවන අතර 2007 වර්ෂය තෙක් තරඟවලදී පදක්කම් ජයග්‍රහණය කර තිබුණි. මෙවර වසර 16 ට පසුව ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරඟාවලියේ පදක්කමක් හිමිවීම සුවිශේෂිය.

තාක්ෂණ ඔලිම්පියාඩ් තරඟාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ආදිත්‍ය නරසිංහ කටයුතු කළ අතර උප නායකයා ලෙස වෙනුදි දයාරත්න කටයුතු කළාය.

, සිතිජ අභිෂේක් කොටුවේවත්ත,ශිථිල මහබදුගේ , මිනිදු ජයසේකර,  මින්දිය කරුණාසිංහ, කණ්ඩායමේ තරඟකරුවන් ලෙස සහභාගී විය.

තාක්ෂණ ඔලිම්පියාඩ් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන ලද්දේ ලක්ෂිත් නිශ්ශන්ක අපිරාම් රාජමෝහන් සහ අෂාන් හංසක විසිනි.

Previous articleඅපේ ආණ්ඩුවක් නැති වුනොත් ජනතාවට දුක් විඳින්න වෙනවා – මෛත්‍රී
Next articleඅල්ලස් කොමිෂන් සභාවට ලැබෙන බලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here