Home අද බලෙන් සිටි නිල නිවසෙන් චන්න ජයසුමන නෙරපයි

බලෙන් සිටි නිල නිවසෙන් චන්න ජයසුමන නෙරපයි

3775
0

ඇමතිවරුන් සඳහා ලබාදෙන  නිල නිවාසයේ බලෙන් රැඳී සිටි බව කියන හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම නිල නිවසෙන් ඉවත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කර තිබේ.

චන්න ජයසුමන අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවසේ රැඳී සිටින බවත් ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් පනවන ලෙසත් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබු අතර එ​ම නඩුව​ට අදාළ කරුණු අධිකරණය හමුවේ තහවුරු කිරීමෙන් පසුව අමාත්‍යවරයා නිල නිවසෙන් ඉවත් කිරීමේ නියෝගය අධිකරණය විසින් නිකුත් කර ඇත.

චන්න ජයසුමන අමාත්‍යධුරයෙන් ඉවත්වී මේවනවිට වසරකට වැඩිකාලයක් ගතවී තිබේ.

 

Previous articleඋද්ඝෝෂකයින්ට මහ බැංකු අධිපති එන්න කියයි- කට්ටිය ශේප් එකේ වැඩේ මඟ හරී
Next articleකතෝලික රදගුරු සමුළුව රජයට ආර්ථිකය ගැන කියාදෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here