Home අද IMF දෙවැනි ණය ලැබෙන හැටි ශෙහාන් කියයි

IMF දෙවැනි ණය ලැබෙන හැටි ශෙහාන් කියයි

2860
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය මූල්‍ය විනයට, විනිවිදභාවයට සහ දූෂණ මර්දනයට සූදානම් ශ්‍රී ලංකාවකට පමණක් ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලැබීම දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය පිළිබඳ සුබවාදී පණිවිඩයක් ලබා දෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබේ.

දූෂණ මර්දනය, මූල්‍ය විනය පවත්වාගෙන යාම, විනිවිදභාවය ඇති කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබීම ඊට හේතුව බව ද ඔහු පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක පමණ මුදලක් ලැබීමට නියමිත ය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.

“මෙරට ආර්ථිකය නිසි මාවතට අවතීර්ණ වී තිබෙනවා. උද්ධමනය පහළ යමින් රුපියලේ ස්ථාවරභාවය ඇති වෙමින් තිබෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාත්මක වීමෙන් පසු තව දුරටත් ජීවින වියදම පහළ බසිනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීම, ඊට තවත් පහසුවක් වේවි. අර්බුදයෙන් පාඩම් ඉගෙන ගැනීම නිසි පරිදි සිදු කළ රටක් ලෙස ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය හමුවේ කතා බහට ලක් වෙමින් ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය සේමසිංහ මහතා රට තුළ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ වසර ගණනාවක් විවිධ ආණ්ඩු විසින් සිදු කිරීමට අපේක්ෂා කළ, එහෙත් මග හැරුණු තිරසාර ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවරයන් බව අවධාරණය කළේය. දූෂණ මර්දනය සඳහා නිතී ඇති රටක්, විනිවිදභාවය ඇති රටක්, මූල්‍ය විනය ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බව සේමසිංහ මහතා සඳහන් කළේ ය. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම බදු විනිවදභාවය ඇති කිරීමේ ප්‍රධානයතම පියවර බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එහි මුල් පියවර ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය ලබන මාසය වන විට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.

 

Previous articleමන්ත්‍රී නිල නිවාස අසල  සම්බාහන මධ්‍යස්ථාන 42ක් තියෙනවා
Next articleබැංකු ‌පොලී අනුපාත ගැන මහ බැංකුව සොයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here