Home අද MTFE පිරමීඩයේ අධ්‍යක්ෂ රටින් පනී

MTFE පිරමීඩයේ අධ්‍යක්ෂ රටින් පනී

10625
0

ආන්දෝලනාත්මක MTFE SL Group  සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන රන්දුනු දේවගේ ඉන්දික නිරංජන් ජයවංශ නැමැත්තා අද(11දා) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් විදෙස් ගතවී ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරුකරයි.

මහ බැංකුව විසින් පහුගිය දා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ පොලිස්පතිවරයා ආමන්ත්‍රණය කරමින් මෙම සමාගමේ අධ්‍යක්ෂකවරුන් විදේසගතවීමේ අවධානමක් ඇති බැවින් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස දැනුම්දී තිබුණද ඔවුන්ට එරෙහිව මෙතෙක් විදේස ගමන් තහනමක් ලබාගැනීම සඳහා අධිකරණය වෙත ප්‍රමාණවත් කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බවට වාර්තා නොවේ.

කෙසේවෙතත් MTFE SL Group  සමාගම පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුව විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

අද(11දා) අලුයම 03.10 ට EK 649 දරන ගුවන් යානයෙන් මෙම පුද්ගලයා ඩුඩායි රාජය වෙත පිටත්ව ගොස් තිබේ.

Previous articleකෘෂි නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක්
Next articleවතු සමාගම් රජයට පවරාගත යුතුයි – අනුර කුමාර දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here