Home අද කෘෂි නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක්

කෘෂි නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක්

9625
0

කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බව ද   ජනාධිපතිවරයා පැවසුයේ   “කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම” පිළිබඳ ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.

කෘෂිකර්මාන්තය යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය එක් අමාත්‍යාංශයකට හෝ ආයතනය කිහිපයකට පමණක් සීමා නොවන බවත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද නිසි සම්බන්ධීකරණයකින් යුතුව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බවත් සඳහන් කළේය.

Previous articleසීග්‍ර ආර්ථික වර්ධනයක් උදෙසා ඉන්දු ජපන් ශ්‍රි ලංකා ත්‍රෛපාර්ශවික නව වැඩසටහනක්  ඇරඹේ
Next articleMTFE පිරමීඩයේ අධ්‍යක්ෂ රටින් පනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here