Home අද සීග්‍ර ආර්ථික වර්ධනයක් උදෙසා ඉන්දු ජපන් ශ්‍රි ලංකා ත්‍රෛපාර්ශවික නව වැඩසටහනක්  ඇරඹේ

සීග්‍ර ආර්ථික වර්ධනයක් උදෙසා ඉන්දු ජපන් ශ්‍රි ලංකා ත්‍රෛපාර්ශවික නව වැඩසටහනක්  ඇරඹේ

2427
0

ශ්‍රී ලංකාවේ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇතිකරගැනීම උදෙසා ලෝක ආර්ථික බලවතුන් වන ඉන්දියාව සහ ජපානය සමග එක්ව නව ත්‍රෛපාර්ශවික වැඩසටහනක් දියත් කිරිමට රජය පියවර ගෙන තිබේ. ජපානයේ “විවෘත සහ නිදහස් ඉන්දු පැසිපික් සාගර කලාපයක්” යන විදේශ ප්‍රතිපත්තිය සහ ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන විදේශ ප්‍රතිපත්තීන් ද්විත්වය ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග සමග වඩාත් හොඳින් මුහුකරගැනීම මෙම වැඩසටහනේ අරමුණයි. ‍

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී  ඊයේ(10දා) පැවති මෙම වැඩසටහනට  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ , ඉන්දියාවේ ජපාන තානාපති හිරෝෂි සුසුකි , ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාපය පිළිබඳ සහකාර ලේකම් පූනෙත් අග්‍රවාල් , ඉන්දියාවේ උපාය මාර්ගික සහ ආරක්ෂක අර්බුද පිළිබඳ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය අරවිද් ගුප්තා ඇතුළු ඉහළ පෙලේ රාජත්‍රාන්ත්‍රික නිලධාරීන් රැසක් එක්විය.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු මෙසේය.
  • අඩු කාබන් විමෝචනයක් සහිත බලශක්ති උත්පාදනය.
  • ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීම.
  • ගුවන් නාවුක සහ ගොඩබිම් සම්බන්ධතාවයන් වර්ධනය කරගැනීම .
  • ත්‍රෛපාර්ශවික රාජ්‍යයන්හි ජනතාව අතර සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම.
  • සංචාරක ප්‍රවර්ධනය.
  • පුහුණු අවස්ථා සහ කුසලතා සංවර්ධන වැඩසටහන් දියත් කිරිම.
  • අධ්‍යාපනික අවස්ථා පුළුල්කිරීම.

පසුගියදා ශ්‍රී ලංකා‌වේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉහත වැඩපිළිවෙලට අදාළව ඉන්දු ජපන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකර ඇති බව තොරතුරු වාර්තාවේ.

චීනයේ “එක්මාවතක් – එක් තීරණයක්” සංවර්ධන ණය යෝජනා ක්‍රමයට විකල්පයක් වශයෙන් බටහිර බලවතුන්ගේ දායකත්වය ද සහිතව ජපානය විසින් “විවෘත සහ නිදහස් ඉන්දු පැසිපික් සාගර කලාපයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ආධාර ලබාදීම සඳහා නව ප්‍රවේශයක් ගෙන තිබේ.

අනාගත ගෝලීය වෙළඳාමේ අත්හල නොහැකි කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය ලෝක බලවතුන්ගේ අවධානයට ලක්වී ඇති අතර එහි බලය අත්පත්කරගැනීම සඳහා යම් තරඟකාරීත්වයක් ද ඔවුන් අතර ඇතිවි තිබේ. මේ පිළිබඳව ඉහළ පෙලේ ආර්ථික උපායමාර්ගික සහ ආරක්ෂක විශේෂඳයින් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම ත්‍රෛපාර්ශවික සංවර්ධන වැඩසටහන දියත් කිරීමට තීරණය කර තිබේ.

 

 

 

 

 

 

 

 

 

Previous articleMTFE ලොක්කෝ රට පනින්න කලින් ඉක්මන් පියවර ගන්න – මහබැංකුව පොලීසියට කියයි
Next articleකෘෂි නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here