Home අද MTFE ලොක්කෝ රට පනින්න කලින් ඉක්මන් පියවර ගන්න – මහබැංකුව පොලීසියට කියයි

MTFE ලොක්කෝ රට පනින්න කලින් ඉක්මන් පියවර ගන්න – මහබැංකුව පොලීසියට කියයි

3225
0

පිරමීඩාකාර මූල්‍ය ජාවරමක් බවට පැමිණිලි ලැබී ඇති   MTFE SL ආයතනයේ ප්‍රධානීන් විදෙස් ගතවීමේ අවධානමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම MTFE SL ආයතනය පිලිබද විමර්ශනයක් අරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති අතර මහබැංකුව දැනටමත් MTFE SL ආයතනය පිලිබද විමර්ශනයක් සිදු කරන බවද සඳහන් කර ඇත.

මෙම විමර්ශනයේදී  MTFE SL සමාගම් ලේකම්වරයාගෙන්ද මහබැංකුව ප්‍රකාශයක්  ලබාගෙන ඇත. දැනට හෙලිකරගෙන ඇති කරුනු අනුව MTFE SL ආයතනයේ ක්‍රියාකාරකම් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට කරුණු හෙලි වෙමින් තිබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

මෙම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් යැයි පැවසෙන   රන්දුනු දේවගේ දුමින්ද තුශාර ජයවංශ සහ රන්දුනු දේවගේ ඉන්දික නිරංජන් ජවවංශ හඳුනාගෙන ඇති අතර   විතානගේ කනක නලීන් ගුනසේකර නැමැත්තෙකුද එහි අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව හෙලි කර ගෙන ඇත්තේ. මෙම පුද්ගලයන් විදෙස් ගත වීමේ හැකියාවක් පවතින බැවින් අධිකරණය හරහා හැකි ඉක්මනින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගන්නා ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම්දී ඇත.

No description available.

Previous articleආසියාන් සමුහය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්
Next articleසීග්‍ර ආර්ථික වර්ධනයක් උදෙසා ඉන්දු ජපන් ශ්‍රි ලංකා ත්‍රෛපාර්ශවික නව වැඩසටහනක්  ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here