Site icon Newshub

සීග්‍ර ආර්ථික වර්ධනයක් උදෙසා ඉන්දු ජපන් ශ්‍රි ලංකා ත්‍රෛපාර්ශවික නව වැඩසටහනක්  ඇරඹේ

ශ්‍රී ලංකාවේ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇතිකරගැනීම උදෙසා ලෝක ආර්ථික බලවතුන් වන ඉන්දියාව සහ ජපානය සමග එක්ව නව ත්‍රෛපාර්ශවික වැඩසටහනක් දියත් කිරිමට රජය පියවර ගෙන තිබේ. ජපානයේ “විවෘත සහ නිදහස් ඉන්දු පැසිපික් සාගර කලාපයක්” යන විදේශ ප්‍රතිපත්තිය සහ ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන විදේශ ප්‍රතිපත්තීන් ද්විත්වය ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග සමග වඩාත් හොඳින් මුහුකරගැනීම මෙම වැඩසටහනේ අරමුණයි. ‍

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී  ඊයේ(10දා) පැවති මෙම වැඩසටහනට  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ , ඉන්දියාවේ ජපාන තානාපති හිරෝෂි සුසුකි , ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාපය පිළිබඳ සහකාර ලේකම් පූනෙත් අග්‍රවාල් , ඉන්දියාවේ උපාය මාර්ගික සහ ආරක්ෂක අර්බුද පිළිබඳ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය අරවිද් ගුප්තා ඇතුළු ඉහළ පෙලේ රාජත්‍රාන්ත්‍රික නිලධාරීන් රැසක් එක්විය.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු මෙසේය.

පසුගියදා ශ්‍රී ලංකා‌වේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉහත වැඩපිළිවෙලට අදාළව ඉන්දු ජපන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකර ඇති බව තොරතුරු වාර්තාවේ.

චීනයේ “එක්මාවතක් – එක් තීරණයක්” සංවර්ධන ණය යෝජනා ක්‍රමයට විකල්පයක් වශයෙන් බටහිර බලවතුන්ගේ දායකත්වය ද සහිතව ජපානය විසින් “විවෘත සහ නිදහස් ඉන්දු පැසිපික් සාගර කලාපයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ආධාර ලබාදීම සඳහා නව ප්‍රවේශයක් ගෙන තිබේ.

අනාගත ගෝලීය වෙළඳාමේ අත්හල නොහැකි කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය ලෝක බලවතුන්ගේ අවධානයට ලක්වී ඇති අතර එහි බලය අත්පත්කරගැනීම සඳහා යම් තරඟකාරීත්වයක් ද ඔවුන් අතර ඇතිවි තිබේ. මේ පිළිබඳව ඉහළ පෙලේ ආර්ථික උපායමාර්ගික සහ ආරක්ෂක විශේෂඳයින් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම ත්‍රෛපාර්ශවික සංවර්ධන වැඩසටහන දියත් කිරීමට තීරණය කර තිබේ.

 

 

 

 

 

 

 

 

 

Exit mobile version