Home අද නාමල් රාජපක්ෂගේ විවාහයෙ ලක්ෂ 26ක විදුලි බිල තාම ගෙවලා නෑ –...

නාමල් රාජපක්ෂගේ විවාහයෙ ලක්ෂ 26ක විදුලි බිල තාම ගෙවලා නෑ – විදුලිබල මණ්ඩලය

4556
0

2019 වසරේ දී තංගල්ල කාල්ටන් නිවසේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙ විවාහ උත්සවය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල මෙතෙක් ගෙවා නැතැයි විදුලිබල මණ්ඩලය මගින් දන්වා තිබේ.

ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව මේ සම්බන්ධ කරුණු හෙලිදරුව් වී ඇත.

ඒ අනුව විවාහ උත්සවය සඳහා 2019.09.12 දින සිට 2019.09.15 දින දක්වා වීරකැටිය නිවසේ ආරක්ෂක පහන් සවිකර විදුලිය ලබාදී ඇති අතර ඒසඳහා ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2682,246.57 විදයමක් විදුලිබල මණ්ඩලය දරා ඇති අතර එය මෙතෙක් පියවා නොමැති බව විදුලිබල මණ්ඩලය දන්වා තිබේ.

No description available.

නාමල් රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක්ද දැරුවේය.

Previous articleගෑස් මිල වැඩි කරන්නේ නෑ – ලිට්‍රෝ සභාපති
Next articleමේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම මම භාරගත්තා. ඒ වගකීම මම ඉෂ්ඨ කරනවා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here