Home අද ජනාධිපතිවරණයට තුරුම්පු ආසියා දාන්නේ අපි – ප්‍රසන්න

ජනාධිපතිවරණයට තුරුම්පු ආසියා දාන්නේ අපි – ප්‍රසන්න

1866
0

ඊනියා අරගලකරුවන් හා කුමන්ත්‍රණකරුවන් එකතුවී විනාශයට ගිය රට යථා තත්ත්වයට ගනිමින් ජනාධිපති රනිල් රටේ අනාගතය තහවුරු කරමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇති බවයි.දවස් දහයක් තුළ ලෝකයේ ප්‍රබල රටවල් 4ක නායකයන් හා ප්‍රධානීන් මුණගැසීම තුලින් ඒ බව පෙනී යන්නේ යැයිද හෙතෙම කී‍ය.

ගම්පහ,උඩුගම්පළ පිහිටි කාර්යාලයේදී අද (02) දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධානතම හේතු දෙකක් තමයි කොවිඩ් සහ අරගලය. අපේ රට ගොඩ ගන්න ජනතාව ආණ්ඩුවට විපක්ෂයේ සහායත් අවශ්‍යයි. නමුත් අපේ රටේ විපක්ෂය සම්ප්‍රදායික දේශපාලනයම කරනවා.

මේ අමාරු මොහොතෙදිවත් රජයට සහායදීල, ජනතාවට සහන ලබාදෙන්න, ර‍ට බේර ගන්න යන ගමනට ඔවුන් සහාය දෙන්නෙ නෑ. අපේ විපක්ෂනායකතුමා පාර්ලිමේන්තුවෙ කෑ ගහනව විතරයි. එතුමා දේශන පවත්වන්න මරු. වර්තමාන විපක්ෂනායකතුමා රජයේ සංවර්ධන වැඩපිළිවෙල දිහා බලන්නෙ හරිම ඉරිසියාවෙන්.

ජනාධිපතිතුමා රට වෙනුවෙන් වෙහෙසෙද්දී විපක්ෂය පළාත් පාලන මැතිවරණය තියන්න කියමින් කෑ කෝ ගහනවා. රටේ ප්‍රශ්නවලට එකම විසදුම ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම දැයි අපි විපක්ෂයෙන් ප්‍රශ්න කරනවා. විපක්ෂයට විපක්ෂයක් ලෙස එක මතයකට එන්න බැහැ. රටක විපක්ෂනායකයා නූගතෙක්වීම රජයකට අවාසියක්. අනුර කුමාර ගැනත් කතා කරන්න දෙයක් නෑ. මිනිහගෙත් කතාව විතරයි. වැඩ නෑ. ඒක නිසා ඒ මිනිස්සු ගැන කතාකරන එක නිකං කාලය කා දැමීමක්.

රට තුළ පැවති අරගලය හේතුවෙන් විදෙස් නැව් ආපසු හැරී ගිය අතර ගුවන් තොටුපළ කටයුතු ද අඩාල වුණා. නමුත් මේ වනවිට සියල්ල යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. රජය කටයුතු කරන්නේ රටේ සංවර්ධනය මූලික කරගෙනයි.

සංවර්ධන කටයුතු වලදී දේශීය වගේම ජාත්‍යන්තර වශයෙනුත් සහාය අවශ්‍යයි. ඊනියා අරගලකරුවන් හා කුමන්ත්‍රණකරුවන් එකතුවී විනාශයට ඇද දැමු රට යථා තත්ත්වයට පත් කරමින් ජනාධිපති රනිල් රටේ අනාගතය තහවුරු කරමින් ඉන්නවා. ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයේ විශ්වාසය ඉතාම ඉහළින්ම ලැබෙනවා. දවස් 10 ක් තුළ ලෝකයේ ප්‍රබල රටවල් 4 ක නායකයන් හා ප්‍රධානීන් එතුමාව මුණ ගැහුණා. මෑත ඉතිහාසයේ කිසිම රාජ්‍ය නායකයෙකුට මෙහෙම අවස්ථාවක් ලැබුනෙ නැහැ.

ඒ වගේම ජාත්‍යන්තරය තුළ දැන් ලංකාව ගැන ලොකු විශ්වාසයක් ඇති වෙමින් තිබෙනවා. අපේ රට ජාත්‍යන්තරයෙන් කොන්වෙමින් තිබුණු රටක්. අප රටට සංචාරය සඳහා නොඑන ලෙසට පහුගිය සමයේදී සමහර රටවල් තමන්ගේ වැසියන්ට දැනුම්දී තිබුණා. දැන් එහෙම තත්ත්වයක් නැහැ. යළිත් සංචාරකයෝ අපේ රටට එන්න පටන්ගෙන තිබෙනවා. සංචාරකයො එනකොට ඒ ආශ්‍රිතව ජීවනෝපාය කරගත්තු මිනිස්සුන්ගෙ අතමිට සරු වෙනවා. රටට ඩොලර් ටික ලැබෙනවා. දැන් අතීතයට බැණල වැඩක් නැහැ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තය නරක කෙනෙක් නෙවෙයි. ඔහු කළ දේවල්වල හොඳ නරක අනාගත පරපුර තීරණය කරාවි.

ලබන වසර කොහොමත් මැතිවරණ වසරක්. ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වැහි වැහැලා. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර, අපෙන් වෙන්වෙලා ගියපු අය, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ, ව්‍යාපාරිකයෝ ජනාධිපතිවරණ අපේක්ෂක පෝලීමේ එනවා.

ඒත් මේ රටේ විශාලතම ඡන්ද පදනම තියෙන පොහොට්ටුවේ අපි තවම නිශ්ශබ්දයි. ජනාධිපතිවරණයට අපි වෙලාවට අපේ තුරුම්පු ආසියා ඉස්සරහට දානව. එතකන් අපි අනිත් අයගේ සෙල්ලම් බලාගෙන ඉන්නවා. ජනාධිපතිවරණ, මහා මැතිවරණ, පළාත් සභා, පළාත් පාලන මැතිවරණ මේ මොනව තිබ්බත් ජනතා මනාපයෙන් ඉහළින්ම දිනන්නේ පොහොට්ටුවයි.”

Previous articleජනතාවට එපාම කරපු දේශපාලනඥයා ‘බැසිල්’ – ගම්මන්පිල
Next articleඋපාධිධාරීන් 5,450ක් ගුරු සේවයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here