Home අද ලංකාවට ආයෝජකයින් ගෙන්වා ගැනීමට තොන්ඩමාන් තමිල්නාඩු මහ ඇමති හමුවේ

ලංකාවට ආයෝජකයින් ගෙන්වා ගැනීමට තොන්ඩමාන් තමිල්නාඩු මහ ඇමති හමුවේ

2580
0

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා  ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතා හමුවී සාකච්ඡාවක්  පවත්වා තිබේ.

කඳුකර දෙමළ ජනතාව සහ නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඔවුන්ගේ 200 වැනි සංවත්සරය පිළිබඳ ප්‍රධාන අවධානය යොමු කරමින් කදුකර පුළුල් පරාසයක ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා වු බව ට්විටර් සටහනක් තබමින් තොන්ඩමාන් මහතා සඳහන් කර ඇත.

මේවනවිට ඉන්දියාව  ආයෝජන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී ඇති අතර තමිල්නාඩුව එහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවද එබැවින්, නොවැම්බර් මාසයේ පැවැත්වෙන උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාව සඳහා ආයෝජකයින්ගේ සංසදයක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව මෙහිදී තොන්ඩමාන් මහතා අවධානය යොමුකර තිබේ.

ධීවර ප්‍රශ්නයට ස්ථීර විසඳුමක්, උඩරට අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර නංවාලීම ඇතුළු අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති අතරශ්‍රී ලංකාවේ පැවති අර්බුදයේදී මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව ඉන්දියාව ස්තූතිවන්ත වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ

Previous articleආර්ථික අර්බුදය නිසා මිනිස්සු බිස්කට් කන්නේ නැහැ – අනුර
Next articleශ්‍රී ලංකාවේ ණය සහන ප්‍රයත්නයට ජපානය සහ ඉන්දියාව සමඟ චීනයට එක්විය හැකියි – ඉන්දීය මුදල් ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here