Home අද ජනපති රනිල් ඉන්දියාවේ නිල චාරිකාවක

ජනපති රනිල් ඉන්දියාවේ නිල චාරිකාවක

1280
0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට සහ අනිද්දා ( ජූලි 20-21) යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ.

ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම සංචාරය අතරතුර ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදි මුර්මු මහත්මියව ද හමු වනු ඇත. තවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් හමු වී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.

දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇත.

Previous articleගෝඨාභයගේ හිඟ ජල බිල ගෙවන්න බෑ – ජනාධිපති ලේකම්
Next articleත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here