Home අද “ජනතාවට අස්වැසුමෙන් සහනයක් වෙන්න රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි”

“ජනතාවට අස්වැසුමෙන් සහනයක් වෙන්න රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි”

2242
0

අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගන්වමින්, සහනයක් අවැසි ජනතාවට සහනයක් වීමට ජනාධිපත් රනිල් වික්‍රමසිංහගේ මහපෙන්වීමෙන් ආරම්භ කළ “අස්වැසුම් ” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

අඩු ආදායම්ලාභී ජනතාව නඟා සිටුවීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ප්‍රමාදයකින් තොරව ගත යුතු බව පැවසූ ඔහු එම ප්‍රතිපත්තිමය තීන්දු නිසි ලෙස නොගැනීම හේතුවෙන් පසුගිය කාලයේ ආර්ථික ගැටලු රැසකට රටට මුහුණ දීමට සිදු වූ බව ද පෙන්වා දී තිබෙනවා.

සාගල රත්නායක මෙම අදහස් පළ කළේ ” අස්වැසුම” සමාජ සුඛසාධක ප්‍රතිලාභ වැඩ සටහන සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම පිළිබඳව ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

“අස්වැසුම” සමාජ සුඛසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර වකුගඩු, ආබාධිත හා වැඩිහිටි දීමනා ලේඛනගත සෑම අයෙකුටම නිසි පරිදි එම ප්‍රතිලාභ ලබාදෙන ලෙස ද ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මේ දක්වා ක්‍රියාත්මක කළ සමෘද්ධි සංවර්ධන වැඩ සටහන වෙනුවට හඳුන්වා දුන් අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිලාභීන් හඳුනාගැනීම විධිමත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ කාර්ය මණ්ඩල ප්‍රධානි මේ සඳහා සහාය ලබාදෙන ලෙස සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වෙනවා.

මෙම වැඩසටහනින් දැනට ඉවත් වී සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගෙන “අස්වැසුම” වැඩසටහන සඳහා මේ වන විට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා නිරවුල් කරගනිමින් සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාට බදුන් වී තිබෙනවා.

Previous articleආනයන සීමා ඉවත් කිරීම පිළිවෙළකට විය යුතුයි
Next articleදූෂණ විරෝධී පනත් කෙටුම්පත ඒකමතිකව සම්මතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here