Home අද ශිෂ්‍ය සංගම් නැති ගුරුවරු හදන විශ්වවිද්‍යාලයක්

ශිෂ්‍ය සංගම් නැති ගුරුවරු හදන විශ්වවිද්‍යාලයක්

1014
0

ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත් කෙරෙනු ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ම එය තබාගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.

වෙනත් විශ්වවිද්‍යාලවල මෙන් ශිෂ්‍ය සංගම් හදාගැනීමට අවසරයක් නොලැබෙන බවත් ඊට හේතුව මෙම විශ්විද්‍යාලය මගින් බිහි කරන්නේ ගුරුවරුන් නිසාවෙන් බව ද අමාත්‍යවරයා සිටියා.

විනයක් සහිත පිරිසක් මෙම සරසවියෙන් බිහි කිරීම මුලික අවශ්‍යතාවක් බවත් උපාධිධාරී ගුරුවරයෙකු මෙමගින් බිහිවන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වයඹ පලාතේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට හලාවත සුදසුන රංග ශාලාවේ දී එක්වෙමිනි.

Previous articleඉන්දීය විදේශ ලේකම් ජනපති හමු වෙයි
Next articleකුරාණය ගිනිතැබීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here