Home අද ණය ප්‍රතිව්‍යුහගත කිරීම සජබෙ මත දෙකක

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සජබෙ මත දෙකක

728
0

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව එහි මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කර ඇත.

ඒ අනුව තම පක්ෂය එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවු අතර ඒ අනුව හෙට (01) සහ අනිද්දා (02) දිනවලදී ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් දේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුයේ දේශිය ණය කපාහැරීමක් සිදු නොකරනවානම් , බැංකු සහ භාණ්ඩාගාර බැදුම්කර ප්‍රතිව්‍යූහගත නොකරනවානම් , ඒසම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්නයක් නොපවතින බවය. අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාබ කප්පාදුවක් නොවන බවත් මහබැංකු අධිපතිවරයා පැවසු බැවින් ඒ සම්බන්ධයෙන්ද ගැටලුවක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමගි ජනබල වේගය මත දෙකක් සිටින බව පැහැදිලිය.

 

Previous articleකිසිවෙකු අත් නොහැරෙන ලෙස “අස්වැසුම” ක්‍රියාත්මක කරන්න – ජනපති
Next articleජනපති ව්‍යාපාරික ප්‍රජාවගෙන්  ඉල්ලූ දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here