Site icon Newshub

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සජබෙ මත දෙකක

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව එහි මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කර ඇත.

ඒ අනුව තම පක්ෂය එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවු අතර ඒ අනුව හෙට (01) සහ අනිද්දා (02) දිනවලදී ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් දේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුයේ දේශිය ණය කපාහැරීමක් සිදු නොකරනවානම් , බැංකු සහ භාණ්ඩාගාර බැදුම්කර ප්‍රතිව්‍යූහගත නොකරනවානම් , ඒසම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්නයක් නොපවතින බවය. අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාබ කප්පාදුවක් නොවන බවත් මහබැංකු අධිපතිවරයා පැවසු බැවින් ඒ සම්බන්ධයෙන්ද ගැටලුවක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමගි ජනබල වේගය මත දෙකක් සිටින බව පැහැදිලිය.

 

Exit mobile version