Home අද ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තැන්පත්කරුවන්ගේ මුදල් වලට ප්‍රශ්නයක් නෑ

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තැන්පත්කරුවන්ගේ මුදල් වලට ප්‍රශ්නයක් නෑ

720
0

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී කිසිඳු අයුරකින් ණය කප්පාදුවක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සිදුකරනුයේ කාලය දිගුකරගැනීම, පොලි අනුපාතය අඩුකරගැනීම සහ ගෙවීමට නියමිත කාලයක් පොරොන්දු වී ඇතිනම් එය දිගුකරගැනීම පමණක් බව රාජ්‍ය අමාත්‍ය වරයා සඳහන් කරනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශ්‍රාමික අරමුදලේ මුදල් අඩුවීමක් හෝ තැන්පත්කරුවන්ගේ මුදල් අඩුවීමක් කිසිසේත්ම සිදුනොවන බවත් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් ඒ මහතා පවසනවා.

භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර, බැංකු සහ රක්ෂණ සමාගම් වල බිලියන 41ක් ඇති දේශීය ණය ඇති බව සඳහන් කරන ඒ මහතා කියා සිටියේ බිලියන 17ක් වූ විදෙස් ණය වසර කිහිපයකට කල්දමා ගතහොත් දේශීය ණය වලට සහනයක් ලබාගැනීමෙන් අවශ්‍ය වන්නේ රටේ ඉලක්ක සපුරා ගැනීම සඳහා කුඩා තල්ලුවක් පමණක් බවයි.

Previous articleවරාය නගරයට චීනයෙන් තවත් ආයෝජනයක්
Next articleණය අර්බුදයට වගකියන්න ඔනේ කවුද – පාඨලී හරියටම කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here