Home අද ණය අර්බුදයට වගකියන්න ඔනේ කවුද – පාඨලී හරියටම කියයි

ණය අර්බුදයට වගකියන්න ඔනේ කවුද – පාඨලී හරියටම කියයි

703
0

ලංකාවේ ණය අර්බුදයට හේතුව නිශ්ඵල සංවර්ධන ව්‍යාපෘති සඳහා අනවශ්‍ය ලෙස ණය ලබාගැනීම බවත් ඒසඳහා පැහැලිවම රාජපක්ෂ පවුල වගකිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේබව පැවසු අතර මේසේද පැවසීය,

“ලංකාව රුපියල් වලින් ඩොලර් වලින් ලබාගෙන තිබෙන ණය අපට දරාගත හැකි මට්ටමකට කපා දැමීම තමයි ණය ප්‍රතිව්‍යුහගත කරණය කියලා කියන්නේ. ලංකාවේ සමස්ත රුපියල් සහ ‌ඩොලර් ණය ගණනය කරලා සියල්ල ඩොලර්වලින් පැවසුවොත් 2022 12 31 වනවිට ඩොලර් බිලියන 84.703  ක් තිබෙනවා. මේක සැලකිය යුතු විශාල ගණනක්. දළ මුල්‍යනය අවශ්‍යතාවය මත මෙය සිදුකරන්න යන්නේ. මෙතනදී ණය කපාදමන්න වෙනවා. එහෙම කරන ක්‍රම තුනක් තිබෙනවා. එකක් පොලිය කපා දැමීම. කල්පිරෙන කාලය කල් දැමීම. ණය නිරපේක්ෂ අගය කපා දැමීම කියන මේ ක්‍රම තුන යටතේ තමයි මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන්න වෙන්නේ.  එය නොකොළොත් ලෝක බැංකුවේ සහ  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රැකවරණය නැතිව යනවා. එව‌ගේම ණය ගෙවන්න පට්න්ගත්තට පසුව වර්තමානයේ තිබෙනවාට වඩා දුෂ්කර වෙනවා. එවගේම ජුනි 30 වනවිට ආනයන සීමා ඉවත්කිරීමේ දින ආණ්ඩුවට ප්‍රකාශ කරන්න වෙනවා. මේ සියල්ල ඩොලර් එළියට යන ක්‍රම . එවගේම සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් අභියෝගයට ලක්වෙනවා. සංවර්ධනය නාමයෙන් ණය අරගෙන අනවශ්‍ය ව්‍යාපෘති වල යොදවපු රාජපක්ෂ පවුල තමයි මේකට වගකියන්න ඔනේ. එවගේම අපේ බැංකු පද්ධතිය අභියෝගයට ලක්වෙන්න පුළුවන්.” යැයි පැවසීය.

 

Previous articleණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තැන්පත්කරුවන්ගේ මුදල් වලට ප්‍රශ්නයක් නෑ
Next articleආර්ථිකය ගැන ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here