Home අද නිර්වින්දන බෙහෙත් ළමයින් සදහා භාවිතා කළේ නෑ – සෞඛ්‍ය ඇමති කියයි

නිර්වින්දන බෙහෙත් ළමයින් සදහා භාවිතා කළේ නෑ – සෞඛ්‍ය ඇමති කියයි

811
0

ගැටලුකාරි තත්ත්වයකට පත්ව ඇති නිර්වින්දන ඖෂධය කිසිදු අවස්ථාවක ළමයින් සදහා භාවිත නොකළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කර ඇත.

එම ඖෂධය වැඩිහිටියන් සදහා පමණක් භාවිත කරන බව ඔහු පවසා තිබේ.

පේරාදෙණිය බණ්ඩාරනායක ශික්ෂණ ළමා රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්ම අතරතුර නිර්වින්දනය කිරීම සදහා ලබාදුන් ඖෂධ හෝ එහි උපකරණවල පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බවට පසුගියදා වාර්තා විය.

එමෙන්ම ලංකාවට ඖෂධ ගෙන්වීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇතිකිරීමට කටයුතු කරන බවද ඒ හරහා අඩු කාලයකින් ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Previous articleඇඹුල් කෙසෙල් ඩුබායි යවා සතියට ඩොලර් ලක්ෂයක්
Next articleසැප්තැම්බර් වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් කරනවා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here