Home අද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මම දැඩිව විරුද්ධයි – සජිත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මම දැඩිව විරුද්ධයි – සජිත්

606
0

රජයත් විපක්ෂයත් එකතුව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකහඬින් කිවයුතු බව විපක්ෂනායක වරයා පවසනවා.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

සමගි ජන බලවේගයද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම අනුමත කරන අතර විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා මෙම ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකිබව තදින්ම විශ්වාස කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන් සමඟ ඉදරියට ගොස් ඇති ලෝකයේ බොහෝ රටවල් ඇති බව ඒ මහතා මෙහිදී කියා සිටියා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර EPF සහ ETF මුදල් ආරක්ෂා කරගතයුතු බවත් ප්‍රගතිශිලී විපක්ෂයක් ලෙස කිසිසේත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකග විය නොහැකි බවත් විපක්ෂ නායකවරයාඑහිදී කියා සිටියේ ය.

Previous articleආණ්ඩුව ව්‍යාපාර කිරිමේ ආදීනව
Next articleඇඹුල් කෙසෙල් ඩුබායි යවා සතියට ඩොලර් ලක්ෂයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here