Home අද මෝදිට පාර්ට් දාන්න යන්න එපා : රාජතාන්ත්‍රිකව හැසිරෙන්න – කච්චතිව් සිහිකර දුමින්ද...

මෝදිට පාර්ට් දාන්න යන්න එපා : රාජතාන්ත්‍රිකව හැසිරෙන්න – කච්චතිව් සිහිකර දුමින්ද අනුරට කියයි !

280
0

ජනාධිපති අනුර කුමාර දිසානයක දැන්වත් රාජතාන්ත්‍රික ලෙස හිතා බලා කටයුතු කළ යුතු බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ සංචාරයේදී “පාර්ට්” දමන්න නොගොස් හොඳින් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

කච්චතිව් දූපත මෙරටට ලබාගැනීම වෙනුවන් එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය ඉසිලූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ක්‍රියාකළ ආකරය පැහැදිලි කළ ඒ මහතා රාජතාන්ත්‍රික සබඳතා පළුදු වන ආකාරයට කටයුතු කළහොත් අමාරුවේ වැටෙනුයේ සමස්ත රටක් බවද අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මේ අදහස් දක්වා සිටියේ අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

නිවැරදි රාජතාන්ත්‍රික හැසිරීම් මඟින් මේ මොහොතේ රටට නැතිව ඇති දේ ඉන්දියාවෙන් ලබා ගැනීමට මෙන්ම යළි තමිල්නාඩුව විසින් ඉල්ලා සිටින කච්චතිව් දූපත පවා අවධානමට පත්වීමේ හැකියාවද හිටපු අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

ලෝකය තිබෙන්නේ ලංකාව තුළ නොවන බවත් ලංකාව තිබෙන්නේ ලෝකය තුළ බවත් යන යථාර්ථය ද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී සිහිපත් කර සිටියේය.

ශ්‍රී ලංකාවට අදාළව මෙතෙක් ඇමරිකානු තීරුබදු පැවතියේ 12% ක් වුවත් මේ වන විට එය 44% ක් කිරීම හමුවේ ඒ සම්බන්ධව කටයුතු කිරීමට අවස්ථා සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කිරීම ගැන ස්තූති කල ඒ මහතා තවදුරටත් ඒ සම්බන්ධව අවධානයෙන් සිටීමේ වැදගත්කම ද පැහැදිලි කර සිටියේය.

එසේම  පසුගිය සමයේ ලෝකයේ තිබූ වැදගත් සමුළු කිහිපයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක සහභාගී නොවූ බව සිහිපත් කළ ඒ මහතා පක්ෂ දේශපාලන කටයුතු වෙනුවෙන් රටේ කටයුතු පසෙක තැබීම කිසිසේත් සුදුසු ක්‍රියාවක් නොවන බවද පැවසීය .

ජනාධිපති ලෙස තවදුරටත් තමන්ගේ පක්ෂය වෙනුවෙන් නොව, රටේම නායකයා ලෙස කටයුතු කල යුතු බවත් නිල විදේශ සංචාර පවා තනිපංගලමේ නොව සුදුසු දූත කණ්ඩායමක් සමඟ යාම වැදගත් බවත් පැවසීය.

අග්‍රාමාත්‍යවරිය තායිලන්ත සංචාරයේදී ඇඳ සිටි ඇඳුම සම්බන්ධව මතුව ඇති විවේචනය සම්බන්ධවද ඒ මහතා අදහස් දැක්වූ අතර, හරිනි අඳින පළඳින, කන බොන ආකාරය “අපේ ආකාරයම” වුවත් රාජතාන්ත්‍රික සංචාර අවස්ථාවේදි තම ඇඳුම් පැළඳුම් සම්බන්ධව මීට වඩා සැළකිළිමත් වීම අවශ්‍ය බව සඳහන් කළේය .

Previous articleඇඳුමේ අවුලක් සමඟ අගමැති හරිනි BIMSTEC සමුළුවට !
Next articleමෝදි රැගත් සුවිශේෂි ගුවන්‍ යානය කටුනායකට පැමිණේ.! වර්ෂාවෙන් දැඩි බාධා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here