Home අද මම තනතුර දාලා යන්නේ නෑ – වසන්ත මුදලිගේ

මම තනතුර දාලා යන්නේ නෑ – වසන්ත මුදලිගේ

633
0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් තමන් ඉවත්වී  නව කැදවුම්කරුවෙකු පත්විමට නියමිත බවට පළවන තොරතුරු සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් තනතුරෙන් ඉවත් නොවන බවත් එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා ප්‍රකාශ කර තිබේ.

“අනිද්දා” පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් හෙතෙම මේබව පවසා ඇත.

පසුගිය මැයි 14 වැනි ඉරිදා අන්තර් සැසියේදී වසන්ත මුදලිගේ තමාගේ ඉවත්වීම පිළිබඳ තීරණය දන්වා ඇති බවත් ඒ අනුව ලබන 20 දා කැලණි විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීම් සිදුකිරීමට නියමිත බවත් තොරතුරු සමාජ මාධ්‍යයේ පළවී තිබුණි.

එමෙන්ම නව කැදවුම්කරුට අදාළ පත්කිරීමේ ඡන්ද විමසීමට සබරගමුව , රුහුණ , පේරාදෙණිය විශ්වවිද්‍යාල සම්බන්ධ කර නොගැනීමට ද තීරණය කර ඇති බවද වාර්තා විය. පසුගිය කාලයේ දී අන්තරය ගත් දේශපාලන ක්‍රියාමාර්ගවලට එම සරසවි එකඟ නොවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවද එම තොරතුරු වල සඳහන්ව තිබුණි.

කෙසේවෙතත් මෙම තොරතුරු සියල්ල අසත්‍ය බවත් අන්තරයේ අභ්‍යන්තර තොරතුරු මෙලෙස මාධ්‍ය වෙත දැනුම්දීමක් සිදුනොකරන බවත් වසන්ත මුදලිගේ සඳහන්කර තිබේ.

අන්තරය තුළ වෙනස්කමක් සිදුවන්නේනම් ඒ පිළිබඳ නිල දැනුම්දීමක් මාධ්‍යවෙත ඉදිරියේදී දැනුම්දෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට ඊයේ (18) කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත, අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් අතර  ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

 

Previous articleජෙරම් එක්ක මගේ සම්බන්ධයක් නෑ – මහින්ද
Next articleඋමා ඔය මෙගා වොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here