Home අද ජෙරම් එක්ක මගේ සම්බන්ධයක් නෑ – මහින්ද

ජෙරම් එක්ක මගේ සම්බන්ධයක් නෑ – මහින්ද

585
0

ජෙරම් ප්‍රනාන්දු හෝ ඔහුගේ ගුරුවරයා වන සිම්බාබ්වේ ජාතික ඌබර්ට් ඒන්ජල් සමග තමන්ට කිසිදු සම්බන්ධයක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඌබර්ට් එන්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු යන පුද්ගලයන් සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට එල්ල වන චෝදනාවට මාධ්‍ය වෙත පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය නිල වශයෙන් කළ ඉල්ලීමක් හේතුවෙන් තමා එක් අවස්ථාවක පමණක් ඔවුන් මුණ ගැසුණ බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

බුද්ධාගම සහ අනෙක් ආගම් සම්බන්ධයෙන් දේවගැතිවරයා සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය තමා හෙළා දකින බවත් ජාතීන් අතර අසමගිය හෝ වෛරය ඇති වන අයුරින් ප්‍රකාශ සඳහා මෙරටේ ඉඩක් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඔහු කියා සිටින්නේ තමා අගමැති සහ බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ධුරය දරන අවස්ථාවේදී දේවගැති වරයා නිල වශයෙන් හමුවක් ඉල්ලු බවයි.

හොඳ හිත වර්ධන කරගැනීම සහ ඔවුන් මුහුණ දෙන ගැටළු සොයා බැලීමේ අරමුණින් තමා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අවස්ථාවේදී ආගමික නායකයන් සහ නියෝජිතයින් හමුවීමට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් ඒ හේතුවෙන් එම ඉල්ලීම පිළිගත් බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ එය සුහද හමුවක් වූ අතර එහිදී දේවගැතිවරුන් දෙදෙනාම තමන් සහ බිරිඳ වෙනුවෙන් යාඥාවක් පැවැත්වූ බවත් එය නිල හමුවක් බැවින් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළ බවත් ඒ හැර තමන්ට ඔවුන් සමඟ පුද්ගලික සම්බන්ධයක් නොමැති බවයි.

Previous articleසරසවි ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබේයි
Next articleමම තනතුර දාලා යන්නේ නෑ – වසන්ත මුදලිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here