Home අද වැඩ වැරදුන කුරුණෑගල හිටපු නගරාධිපති

වැඩ වැරදුන කුරුණෑගල හිටපු නගරාධිපති

756
0

කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා වන තුෂාර සංජීව විතාරණගේ පාලන කාලයේදී වැරැදි සිදු කර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම නිකුත් කර ඇති වාර්තාවට අනුව විතාරණ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් චෝදනා 11 කටම ඔහු වැරැදිකරු බවට තීන්දු කර ඇත.

ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක්ද ඊයෙ (8) නිකුත් කළේය.

තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව ලැබී තිබු පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම පරීක්ෂණ කොමිසමේ කටයුතු 2022.12.09 වන දින සිට ආරම්භ කරනු ලැබීය.

මෙම කොමිසම හමුවේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න සහ ඒ.ජේ.එම්.මුසම්මිල් මහත්වරුන්ද සාක්ෂි ලබාදී ඇත.

මහ නගර සභා ආඥා පනත යටතේ 2020 වසරේ අයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ නියෝගවල විධිවිධාන ක්‍රියාත්මක වීම හේතුකොටගෙන තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූවාසේ සලකන බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.

ඉකුත් ගෝඨාභය රාජපක්ෂ පාලනය පැවති කාලයේදී කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැමීම සහ තවත් චෝදනා රැසක් හේතුවෙන් කුරුණෑගල හිටපු නගරාධිපතිට මහජන විරෝධය ගොඩ නැගෙමින් පවතින විට එවකට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදහස් දක්වමින් කියා සිටියේ හිටපු නගරාධිපතිගේ මයිලකට හෝ අත තැබීමට ඔහු ඉඩ නොතබන බවයි

Previous articlePUCSL සභාපති ගැන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට
Next article“ඒ මම නෙමෙයි” – මංජු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here