Home අද PUCSL සභාපති ගැන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට

PUCSL සභාපති ගැන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට

685
0

PUSCL සභාපති ජනක ගැන පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක්

ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභා පනතේ 7 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාගේ වාර්තාව සහ ඊට සම්බන්ධ ඇමුණුම් අද දිනයේ සභා නායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

හේතු දැක්වූ ඇමති…

මේ සඳහා විශේෂයෙන්ම හේතු වී තිබුනේ මහජන උපයෝගීතා කොමිසම භාවිතා කරමින් තම පෞද්ගලික මත සහ තීරණ රට තුළ ක්‍රියාත්මක කිරීමට ඔහු කටයුතු කිරීම බව අමාත්‍ය කාංචන විජේසේකර මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි මාසයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර දුන්නේ මෙලෙසයි.

කැබිනට් මණ්ඩලයේ තීරණ වලට පවා මහජන උපයෝගීතා කොමිසමේ අනෙකුත් සාමාජිකයින්ව දැනුවත් නොකර තමන්ගේ පෞද්ගලික තීරණ මහජන උපයෝගීතා කොමිසමේ නම භාවිතා කරමින් අවභාවිතා කර ඇති බවට අමාත්‍යවරයා මෙහිදී කරුණු පෙන්වා දුන්නා

නිදහසට කරුණු

නමුත් එම චෝදනා පත්‍රය ලබාදීමෙන් අනතුරුව ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඒවාට වැරදි කරුවකු නොවන බවත් ඒවාට පිළිතුරු මුදල් අමාත්‍යවරයා වෙත යොමුකරන බවයි

 

කෙසේ වෙතත් මේ වනවිට මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයා එහි සාමාජිකත්වයෙන් ඉවත් කරන බවට වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ජනකගේ ජනපති හීනය

ඒ අතර, තමන් 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ යයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කර තිබෙනවා.

නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ කරන බව ඔහු පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමඟ අදහස් දක්වමින් කියා තිබෙනවා.

වසර හැත්තෑ පහක් තිස්සේ මෙරට පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා නව ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.

මෙරට ආගමික නායකයන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තීයවේදීන් හා මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම මත තමන් මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කරයි.

 

Previous articleකැබිනට් මණ්ඩලය ජනපතිගෙන් ඉල්ලපු කොමිසම
Next articleවැඩ වැරදුන කුරුණෑගල හිටපු නගරාධිපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here