Home අද ගෑස් මිල අඩුවෙයි – ඉන්ධන කෝටාවේත් වෙනසක්

ගෑස් මිල අඩුවෙයි – ඉන්ධන කෝටාවේත් වෙනසක්

908
0

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

ගිය සැරේ රුපියල් 1005කින් ගෑස් මිල අඩු කළා. හෙට දිනයේ අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් රුපියල් 100කින් පමණ ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන්න. ඒ ගැන නිල නිවේදනය අපි හෙට උදෑසන නිකුත් කරනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේක කරන්න තමා අපේ බලාපොරොත්තුව. පොඩි සිලින්ඩර දෙකේ මිලත් එයට සාපේක්ෂව අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර ඉන්ධන කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ද ඉදිරියේ දී වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ඊයේ (01) එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය ආමන්ත්‍රණය කරමින් කියා සිටියේය.

සියයට 70ක්ව තිබූ උද්ධමනය මේ වනවිට සියයට 35ක් දක්වා අඩුවී ඇති බවත් පැවසු සාගල රත්නායක මහතා එය මේ වසර තුළ කෙසේ හෝ තනි අගයක් දක්වා ගෙන එන බව ද කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“QR කේතයෙන් තෙල් ලබාදීම පවා අපේ අරමුණ තව ටිකක් කල් යද්දි, තවත් ආර්ථිකය ශක්තිමත් වෙද්දි ඒවා නිදහස් කරන්න. සංචාරක වැඩසටහන දියුණු කරන්න පුළුවන් වුණා. මේ වගේ පියවර නිසා අපේ රටේ ආර්ථිකය ස්ථාවර වුණා. ඒකේ ප්‍රතිඵල අපි දකිනවා. සංචාරකයෝ එනවා. අද ඒ උද්ඝෝෂණ ඉවරයි. අරගල ඉවරයි. රුපියල ශක්තිමත් වෙන්න පටන් ගත්තා. ජනාධිපති රට භාරගද්දි 70%කට තිබුණ උද්ධමනය ගිය මාසේ අග වෙද්දි 50.3%කට ආවා. අප්‍රේල් මාසයේ 30 වෙද්දි 35%ක් දක්වා අඩුවුණා. මේ වර්ෂයේ අගවෙද්දි ඒක තනි ඉලක්කමකට ගන්න අපි උත්සාහ කරනවා. IMF එක කියන්නේ ඒකට ලබන වසර වෙනකල් අපිට කල්ගන්න පුළුවන් කියලා. බඩුමිලත් අඩුවුණා. තෙල් මිලත් අඩුවුණා. තව ටික දවසකින් අපි බලාපොරොත්තු වෙනවා ආපහු ගෑස් මිලත් අඩුවෙයි කියලා. මේ වගේ අපේ රට ස්ථාවර වෙන්න පටන් ගත්තා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අපි ගිවිසුම් ගතවීමත් සමග තවත් බොහෝ දොරවල් විවර වුණා.”

 

Previous article“අපිව සිල්ලරට ගනන් ගන්න එපා. වහාම සමාව ගන්න” – වඩිවේල් සජිත්ට කියයි
Next articleආදායමට වඩා තුන්ගුණයක් පඩි – අතිකාල ගෙවන දුම්රිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here