Home අද ලංකාවට දැන් තිබෙන්නේ සාර්ථක කතාවක්

ලංකාවට දැන් තිබෙන්නේ සාර්ථක කතාවක්

706
0

 

මේවනවිට ශ්‍රීලංකාවට ආර්ථිය සම්බන්ධයෙන් සාර්ථක කතාවක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(26දා) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ගිවිසුම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේබව පැවසු අතර වැඩිවශයෙන් මෙසේද පැවසීය,

  • 2022 ජුනි මාසය වන විට අපිට තිබුණේ කෝලහාල ගිණිතැබීම් රජය බංකොලොත්වීම්. මේ නිසා රජය කෙරෙහි තිබුණු විශ්වාසය සම්පුර්ණයෙන්ම නැතිවුණා. රට කාඩා වැඩුණා
  • මාස 08 ට පසුව අපි ආර්ථිකය හැරවීමෙන් ලංකාවට තිබෙන්නේ සාර්ථක කතාවක්. අහිමි වු ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීරණය වී යළි බිහිවෙමින් තිබෙනවා. එය ඉදිරියට ගෙනියාමට මුළු රටේම සහයෝග ලබාදෙන්න කියා මම සඳහන් කරනවා.
  • 2019 අග භාගයේදී බදු කපාහැරීම නිසා දළ දේශීය නිෂ්පාදනයෙන් 4% ක් අපිට නැතිවුණා. කොවිඩ් වසංගතය නිසා අපේ ආර්ථිකය තවත් පිරිහුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුපියල දැඩි ලෙස අවප්‍රමාණ වුණා. ආර්ථිකය හැකිලී ගියා.
  • මේ කාලය වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 83.6 . එහි විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 41.5 යි. දේශිය ණය ඇමරිකානු ඩොලර් බිලියන 42 යි.
  • විදේශ විනිමය හිගය උග්‍රවීම නිසා  2022 මැද භාගය වන විට ශ්‍රී ලංකාවට විදේශවලින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි තත්වයක් ඇතිවුණා. 2022 මැයි වනවිට විදේශ ණය වල පොලිය ගෙවීමට අසමත් වුණා.
  • ආණ්ඩුව භාරගෙන IMF , ADB සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කර සැප්තැම්බර් වන විට විස්තීරණ ණය පහසුකම පිළිබඳව එකඟත්වකයට පැමිණියා.
  • විස්තීරණ ණය පහසුකමට ප්‍රධාන ප්‍රතිසංස්කරණ 06 ක් ඇතුළත්
  1. ආදායම් පාදක රාජ්‍ය මුල්‍ය ඒකාබද්ධ කිරීම
  2. රජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම
  3. මුල්‍ය ස්ථායීතාව ප්‍රතිස්ථාපනය කිරීම
  4. මුල්‍ය ස්ථායිතාව තහවුරු වන ආකාරයට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
  5. දුෂණය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම
  6. ආර්ථික වර්ධනය ඉහළ දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
  • එම ක්‍රියාමාර්ග නිසා අපිට මුල්‍ය සහතිකය ගන්න පුළුවන් වුනා.  මුල්‍ය සහතිකය ගන්න මුලින්ම සහයෝගය දුන්නු ඉන්දියාවට සහ පැරිස් සමුහයට ස්තූතිවන්ත වෙනවා. චීනය වෙනම ක්‍රියාකරනවා. මෙම සාකච්ඡාවලින් පසුව පුද්ගලික ණයකරුවන් සමග අපි සාකච්ඡා කරනවා.
  • IMF ගිවිසුම නිසා ඩොලර් බිලියන 03 ක් පමණ අපිට මේ වසර 03 තුළ ලැබෙනවා.  අනිකුත් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන මුදල සමග ඩොලර් බිලියන 07 ක් පමණ අපිට ලබාගන්න පුළුවන්.
  • ජාත්‍යන්රයෙන් මුල්‍ය සහතිකය ලබාගත් නිසා විදේශ බැංකු වලින් විශ්වාසය නැවත ඇතිකරගෙන තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය ඇතිවීගෙන යනවා.  සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයෝ ලංකාව දිහා බලනවා.
  • ණය ප්‍රතිව්‍යුහගතකරණය අපිට අවශ්‍යයි. ඒසඳහා රටවල් සංවිධාන සහ පුද්ගලික ණයකරුවන් සමඟ අපි සාකච්ඡා කරනවා. රට ඉදිරියට ගෙන යාමට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍යයි. පළමුව විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කරනවා. දේශිය ණය ප්‍රතිව්‍යුගතකරණය සමගත් සාකච්ඡා කරනවා.
  • මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී කාටවත් හානියක් සිදුවෙන්න දෙන්නේ නැහැ. සමහර බැංකු තියෙනවා මේකට මුහුණ දෙන්න බැහැ කියලා. එහෙමනම් මම ඔවුන්ට කියන්නේ මේක භාරඅරගෙන කරගෙන යන්න කියලා.  ධරිද්‍රතාවයෙන් පෙළෙන අයට අපි මේවනවිටත් වැඩසටහන් කරගෙන යනවා.
  • මේ යටතේ  විදුලිබිල සංශෝධනය , ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීම , මහබැංකු පනත ඉදිරිපත් කිරීම , බදු සංශෝධන සිදුකළා. බදු අයකරගැනීම් යටතේ මේ වසර අවසානයේ බිලියන 2.9 ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.
  • බිලියන 17 ක ණය අඩුකරගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි ණය අඩුකරගැනිමකට යනවානම් අපිට ප්‍රතිව්‍යුහගතකිරීම කළ යුතු වෙනවා. අපිට ස්ථාවරභාවය පමණක් මදි.
  • 2019 නාමික දළ දේශිය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 89 ක් පමණ විය. නැවත රට එම තත්වයට පැමිණෙන්නේ 2028 දී. එබැවින්  3% ක ආර්ථික වර්ධන වේගයක හිටියොත් ලංකාවට අවුරුදු 09 ක ජාතින ආදායම අහිමිවෙන්න පුළුවන්.  මේ නිසා මේ කාල සීමාව තුළ 7% ක ආර්ථික වර්ධන වේගයකින් යන්න වෙනවා. ඒසඳහා පාර්ලිමේන්තුව එකඟවෙන්න කියලා මම කියනවා.
  • මේ ආර්ථික වර්ධනයට යාමට සමහර නීති වෙනස් කරන්න තිබෙනවා. නීති ඉවත් කරන්න තිබෙනවා. අපි ආර්ථිකය දිහා බලලා තීරණ ගත යුතුයි.
  • ඉතා තරඟකාරී සමාජ සාධාරණ ආර්ථිකයක් අපිට අවශ්‍යයි . ඩිජිටල් කරණය වු හරිත ආර්ථිකයක් අපිට අවශ්‍යයි. මේ සඳහා IMF ගිවිසුම හැර වෙන විකල්පයක් අපිට නැහැ. වෙන විසඳුමක් කවුරුත් ඉදිරිපත් කරලා නැහැ. ඒනිසා පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතුවෙලා මේක සම්මත කරමු.
  • IMF කණ්ඩායම මාස 06 ට වරක් මෙම ගිවිසුම පිළිබඳ සොයාබැලීම් කරන නිසා එවැනි අවස්ථාවල අඩුපාඩු ගැන සාකච්ඡා කරන්න පුළුවන්. වෘත්තිය සමිති ඇතුළු සියලුදෙනා ඉදිරිපත් කරලා තියෙන දේවල් සාකච්ඡා කරන්න පුළුවන්.
  • පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතුවෙලා 2048 වෙනකම් එක ජාතික ප්‍රතිපත්තියක් හදමු.  මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් වෙමු . අපි මේක නොකරුවොත් තරුණයන්ව පාවා දෙනවා. ඔවුන්ගේ අනාගතය පවාදෙනවා
  • 2048 වෙනකම් රට හදන්න අපිට තියෙන්නේ. අපේ බලය මාරුකරගැනිම ගැන විතරක් හිතන්න එපා.

 

 

Previous articleපාස්කු කොමිසම් වාර්තාව කතෝලික රදගුරු සමුළුවට
Next articleමෙරට ඉන්ධන මෙහෙයුම් ඇරඹීමට ‘සිනොපෙක්’ සුදානම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here