Home අද ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගත කරන බව මහ බැංකු අධිපති කියයි

ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගත කරන බව මහ බැංකු අධිපති කියයි

578
0
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ වී ඇති අතර එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
Bloomberg රුපවාහිනී ආයතනය සමග අමෙරිකාවේ වොෂින්ටන් හීදි සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කර ඇත.
එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයට සහ ආපසු ගෙවීම ආරම්භ කිරීමට චීනය සහය වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.
නිල සහ වාණිජ ණය හිමියන් සමග සාකච්ඡා ඉක්මනින් අවසන් කිරීම අරමුණ බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.
ඉතා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමන පහතට ගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් මේ වසර අවසන් වන විට අපි තනි ඉලක්කම් උද්ධමනය කරා ළඟා වනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
මේ අතර රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බවයි.
එසේම ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේ ද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේ ද යන්න පිළිබඳව අදාළ පාර්ශව අවසන් තීරණයකට එළෙඹෙනු ඇති බව ද ඔහු එහිදී සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දෙන්නන් සමඟ මූලික වශයෙන් ඩොලර් බිලියන 7.1ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇත
Previous articleසරසවි ඇදුරන් වර්ජනය තාවකාලිකව අත්හරී
Next articleඅරගලය නිසා ගෝල්ෆේස් පිටියට සිදුවු හානිය මිලියන 06 ක් – ඉදිරියේදී කිසිදු වැඩකට දෙන්නෙ නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here